නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තානාපතිවරු සහ මහකොමසාරිස්වරු අක්තපත්‍ර භාරදෙති

    මැයි 08, 2017

    ශ්‍

    ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව තානාපතිවරු දෙදෙනෙක් සහ මහ කොමසාරිස්වරු දෙදෙනෙක් අද (08) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත‍්‍ර භාරදුන්හ.

    නේපාලය සහ ඉන්දුනිසියාව සඳහා තානාපතිවරුන් ද, මෝල්ටා රජ්‍යය සහ නවසීලන්තය සඳහා මහකොමසාරිස්වරුන් ද මෙලෙස පත්ව සිටි.
    ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

    01. Mr. Stephen Borg    - High Commissioner- designate of the Republic of Malta


    02. Ms. Joanna Mary Kempkers - High Commissioner - designate of New Zealand


    03. Mr. I. Gusti Ngurah Ardiyasa - Ambassador - designate of the Republic of Indonesia


    04. Prof. Bishwambher Pyakuryal - Ambassador - designate of Nepal


    ශ්‍රී ලංකාව සහ මෙම රටවල් අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් සවිමත් කර ගැනීමට අලුතින් පත් වූ මෙම රාජ්‍ය තාන්ත‍්‍රිකයින් කටයුතු කරනු ඇතැයි මෙහිදී විශ්වාසය පළකළ ජනාධිපතිතුමා, ලොව සෑම රටක් සමඟම පවතින මිත‍්‍ර සබඳතා ශක්තිමත් ප‍්‍රවේශයන් ඔස්සේ ඉදිරියට ගෙන යමින් රටේ ආර්ථික සංවර්ධනයට එම සියලු රටවල සහය ලබා ගැනීම වත්මන් රජයේ විදේශ ප‍්‍රතිපත්තිය බව ද කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya