අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා බදුල්ල, ඌවපරණගම යොවුන් අපනයන කෘෂි ගම්මාන සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් මේ බව ප්‍රකාශ කළේ ය.
අග්‍රාමාත්‍යවරයා තවදුරටත් මෙසේද පැවසී ය...
මා බදුල්ල දිස්ත්‍රික්කයට පැමිණෙන්නේ නිලධාරීන් ඇතුලූ පාක්‍ෂිකයින් සමග දිස්ත්‍රික්කය සම්බන්ධව සාකච්ඡා කිරීමටයි. නමුත් අද ඌව පරණගමට පැමිණියේ ඉතා දුෂ්කර ගම්මානයක් වන යාලගමුවේ පැවැත්වෙන උත්සවයකටයි. මෙම දුෂ්කර ගම්මානයේ පැවැත්වෙන උත්සවයට සහභාගි වීමට පැමිණි ඔබ සැමට මාගේ ස්තූතිය පළමුවෙන්ම පුද කිරීමට කැමතියි. වියළි කාලගුණය මධ්‍යයේ ද උෂ්ණත්වය නොතකා මෙහි පැමිණි ඔබට නැවත වාරයක් ස්තූතිවන්ත වීමට කැමතියි. ඌව පරණගම, වලපනේ, වියලූව යන ආසන තුළ එකතු වන ස්ථානයක් වන මෙම නොදියුණු ප්‍රදේශය දියුණු කිරීමේ කාර්යය
උපාලි සමරවීර මහතා බාරගත්තා.
උපාලි සමරවීර මහතා පාර්ලිමේන්තුවේ මෙන්ම පළාත් සභාවේ ද දක්‍ෂ අන්දමින් තම වැඩ කටයුතු සිදු කළා. පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය උපාලි සමරවීර මහතාට බාර දුන්නේ මෙම ප්‍රදේශයට විශාල සේවයක් කිරීමටයි. එතුමා සිදු කරන වැඩ කටයුතු පිළිබඳව සොයා බැලීමට පැමිණෙන්නැයි කීප වතාවක්ම මට ආරාධනා කළා. ඒ අනුවයි අද මා මේ ප්‍රදේශයට පැමිණියේ.
එතුමාගේ අරමුණ මේ ප්‍රදේශයේ යොවුන් කෘෂි අපනයන ගම්මානයක් ආරම්භ කිරීමයි. ඒ සඳහා විවිධ පාර්ශ්වයන් විවිධ අදහස් උපදෙස් ලබා දී තිබෙනවා. ප්‍රාථමික කටයුතු අමාත්‍යාංශයෙන් ද අවශ්‍ය මුදල් ආධාර ඒ සඳහා ලබා දෙනවා. ඉදිරියේ දී මේ සඳහා තවත් සැලසුම් ඉදිරිපත් කළායින් පසු මුදල් ලබාදීමට අප සූදානම් බව පැවසීමට කැමතියි.
තල්පිටිගල ජලාශය ඉදිවීමත් සමගම මේ ප්‍රදේශය විශාල දියුණුවක් ලබනවා. ජාතික ආණ්ඩුව ඇති කරන අවස්ථාවේ දී සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියේ තල්පිටිගල ජලාශය ඉදිකර එම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් කර ගැනීමට ආධාර උපකාර ලබාදෙන ලෙසයි. චීන රජයට මේ පිළිබඳව කථා කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැන් මුදල් අනුමත වී තිබෙනවා.
තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය සාර්ථක වූ පසුව මෙහි ඉඩම්වල වටිනාකම දෙගුණයකටත් වඩා වැඩි වීමට නියමිතයි. කෘෂි අපනයන ගම්මානයක් මෙහි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. සාමාන්‍යයෙන් ගම්මානවල පදිංචි කරවන්නේ වී ගොවිතැන් කිරීමට හෝ වෙනත් සාම්ප්‍රදායික බෝග වගා කිරීම සඳහායි. නමුත් මේ ගම්මානයේ තත්ත්වය ඊට වඩා වෙනස් බව කිව යුතුයි. අපනයනයට අවශ්‍ය ගොවිතැන් මෙහි සිදු කෙරෙනවා. ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකයක් සඳහා සූදානම් විය යුතුයි.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මීට වසර 40 කට පෙර ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳපොළට එකතු කර අපනයන ආර්ථිකයේ මූලාරම්භය ඇති කළා. යුද්ධය නිසා යම් යම් පසුබෑම් ඇති වුණා. 2009 වසරේ දී යුද්ධය අවසන් වූ පසුව අප නැවතත් අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතුව තිබුණා. යුද්ධයෙන් පසුව අපේ ආර්ථිකය විනාශ වුණා. ආර්ථිකය දියුණු කරන්නට අපට ශක්තියක් තිබුණේ නැහැ.
ආර්ථිකය දියුණු කිරීම සදහා තිබෙන එකම මාර්ගය අපනයන වෙළෙඳපොළට ගමන් කිරීමයි. ශ්‍රී ලංකාවට දැන් යුරෝපා වෙළෙඳපොළ විවෘත වී තිබෙනවා. 2003 වසරේ මා අගමැතිවරයා වශයෙන් සිටිය දී ඒ පිළිබඳ සාකච්ඡා කළා. නමුත් ඉන් පසු පැමිණි ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළා. නමුත් බංග්ලාදේශය යුරෝපා වෙළෙඳපොළ අල්ලා ගත්තා. දැන් බංග්ලාදේශයට ගෙවුම් ශේෂයේ ප්‍රශ්නයක් නැහැ. ඕනෑ තරම් විදේශ විනිමය තිබෙනවා. අපට වඩා පස් හය ගුණයකින් බංග්ලාදේශය විදේශ විනිමයෙන් පොහොසත් වී තිබෙනවා. බංග්ලාදේශය ඔවුන්ගේ අවස්ථා මෙන්ම ශ්‍රී ලංකාවට ලැබුණුඅවස්ථාවලින් ද ප්‍රයෝජන ගැනීම නිසා මේ දියුණුව ලබා ගැනීමට හැකි වුණා.
එකල අපට යුරෝපා වෙළෙදපොලට පිවිසීමට තිබුණු අවස්ථාව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා පසුගිය ආණ්ඩුවට රටේ ආර්ථිකය දියුණු කිරීමට නොහැකි වුණා. දිගින් දිගටම ඔවුන් ණය ගැනීමට පටන් ගත්තා. ශ්‍රී ලංකාව එතෙක් ලබා ගෙන තිබුණේ දේශීය වාණිජ ණය පමණයි. පසුගිය ආණ්ඩුව විදේශීය වාණිජ ණය ගන්නත් පටන් ගත්තා. ආර්ථිකය බංකොලොත් වුණා. අපේ ආර්ථිකයට ණය ගෙවන්න ශක්තියක් නැති වුණා. ආදායමක් තිබුණෙත් නැහැ. ණය ගෙවීමට නොහැකි පුද්ගලයෙකු ණයක් ගත් විට සිදු වන්නේ කුමක්ද? ණය ගෙවීමට හැකි මට්ටමට ආදායම ප්‍රමාණවත් විය යුතුයි. නමුත් පසුගිය රජය සීමාවකින් තොරව ණය ගැනීම නිසා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුණා. ආණ්ඩු මාරුව සිදු වුණේ මෙවැනි තත්ත්වයක් තිබිය දී බව කිව යුතුයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් කොට ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජාතික ආණ්ඩුවක් බිහි කළේ ණය උගුලෙන් ගොඩ ඒමටයි. අප ණය උගුලේ සිර වී මැරෙනවාද, නැතිනම් අපේ ශක්තියෙන් ණය උගුලෙන් ගොඩ එනවා ද කියා තීරණය කිරීමට අපට සිදු වුණා. පළමුවෙන්ම කළ යුත්තේ රටේ ආදායම වැඩි කිරීමයි. අප ඒ වැඩ කටයුත්ත සිදු කරමින් සිටිනවා. ආදායම් බදු නොගෙවූ පුද්ගලයින්ගෙන් ආදායම් බදු අය කර ගත්තා. වැට් බදු අය කර ගත්තා. ඊට එරෙහිවත් විශාල උද්ඝෝෂණ පැවැත්වුණා. නමුත් මේ වන විට රජයේ ආදායම වැඩි වී තියෙනවා. එම නිසා ආණ්ඩුව පවත්වා ගැනීම සඳහා ගත යුතු ණය ප්‍රමාණය අඩු කිරීමට අපට හැකියාව ලැබුණා.
ලබන වසරේ පමණක් අපට ගෙවීමට ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් කෝටි අනූහයදහසක්. මෙසේ ගෙවිය යුතුව තිබෙන්නේ 2007, 2008, 2009 වසරවල ගත් ණය යි. ඊළග වසර හතරේ දී ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඩොලර් කෝටි එක්දහස් පන්සීයක් පමණ වෙනවා. තද අව්වට ක්ලාන්තය හැදුණේ නැතත් මේ ණය මුදල් ගැන ඇසූ විට ක්ලාන්තය හැදෙනවා.
මේ ණය බර කළමනාකරණය කර ගනිමින් අප රට දියුණු කළ යුතුව තිබෙනවා. 2020 වන විට ණය ගෙවීමට හැකියාව ඇති ශක්තිමත් ආර්ථිකයක් බිහි කිරීම අපේ අරමුණයි. එක් පැත්තකින් අප ක්‍රමානුකූලව රජයේ ආදායම වැඩි කර තියෙනවා. අනෙක් අතින් තරුණ තරුණියන් සඳහා රැකියා බිහි කළ යුතුයි. අප එය කරන්නේ කෙසේද? අප ණය ගන්නවා නම් එය ගෙවීමටත් හැකියාවක් තිබිය යුතුයි.
ඒ සඳහා අපනයන ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළින් පමණක් මේ මුදල් සොයා ගන්නට හැකියාවක් නැහැ. යුරෝපා වෙළෙඳපොළ, ඉන්දියා වෙළෙඳපොළ, චීන වෙළෙඳපොළ අල්ලා ගෙන අපනයන ආර්ථිකය දියුණු කළ යුතුව තිබෙනවා. එසේ කළ විට ඊළඟ වසර දහයේ දී වුවත් ණය ගත් විට ඒ ණය පහසුවෙන්ම ගෙවා දැමිය හැකි තත්ත්වයක් උදා වෙනවා. එදා මහින්ද රාජපක්‍ෂ මහතා ණය ලබා ගනිද්දී අත්පුඩි ගැසූ මාධ්‍ය වෙන්නේ කුමක්දැයි අද අපෙන් අසනවා. රාජපක්‍ෂ ගත් ණය ගෙවා දැමීම සඳහා තවත් ණය ගැනීමට අද අපට සිදු වෙලා. එම තත්ත්වය දිගින් දිගටම ගෙන යෑමට හැකියාවක් නැහැ. ණය උගුලට මුහුණදීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් ඇති කළ යුතුයි.
අපේ ආර්ථිකය ශක්තිමත් විය යුත්තේ වර්තමානයේ ගන්නා ණය ගෙවා දැමීමට පමණක් නොවේ. පසුගිය වසර දහයේ දී ගත් ණය ගෙවා දැමීමට ශක්තියක් තිබිය යුතුයි. එසේ නම් අප කඩිනම් සීඝ්‍ර සංවර්ධනයක් ආරම්භ කර අප ගන්නා ණයත්, පසුගිය වසර දහයේ දී ගත් ණයත් ගෙවීමට හැකි තත්ත්වයක් නිර්මාණය කළ යුතුයි.
මෙම කාර්යය පසුගිය වසරේ නොකළේ ඇයි දැයි බොහෝ අය විමසනවා. පසුගිය වසරේ දී අපට ජාතික ආදායම වැඩි කර ගැනීමේ කාර්යභාරයට මුහුණදීමට සිදු වුණා. පළමුවෙන්ම අප රටේ ආදායම වැඩි කර ගත යුතුයි. එය සාර්ථක වී ඇති නිසා දැන් අපට සංවර්ධනයට යා හැකිව තිබෙනවා. මුළු රටම අපනයන ආර්ථිකයක් මගින් පොහොසත් කර සංවර්ධනය ළඟා කර ගැනීම අපේ අරමුණයි. ලෝක වෙළෙඳපොළ අපේ වෙළෙඳපොළ බවට පත් කර ගත යුතුයි. ඌවපරණගම, වැලිමඩ, බදුල්ල, කොළඹවෙළෙඳපොළවල් තරග කරන්නා සේ ලෝක වෙළෙඳපොළ සමග ද අප තරග කළ යුතුව තිබෙනවා. සිංගප්පූරු වෙළෙඳපොළ, ප්‍රංශ වෙළෙඳපොළ, ශැංහයි වෙළෙඳපොළ සමග තරග කළ යුතු තත්ත්වයක් ඇති කළ යුතුයි. අපට ඒ ශක්තිය තිබෙන බව ඇගලූම් කර්මාන්තයෙන් පෙන්නුම් කර තිබෙනවා. තේ කර්මාන්තයෙන් ද එම ශක්තිය පෙන්නුම් කර තිබෙනවා.
කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය ආදී සියල්ල අපනයන ආර්ථිකයක් බවට පත් කර මේ විශාල සංවර්ධන ව්‍යාපාරය ක්‍රියාත්මක කරනවා. යුරෝපා වෙළෙඳපොළ අල්ලා ගැනීමට යළිත් අපට හැකියාව ලැබී තිබෙනවා. මේ පිළිබඳව අප යුරෝපා සංගමය සමග සාකච්ඡා කළා. යුරෝපා වෙළෙඳපොළට පිවිසීම සඳහා එම සංගමය අපට භාණ්ඩ 6600 කට සම්පූර්ණ බදු සහන ලබා දී තිබෙනවා. ප්‍රතික්ෂේප කළ තීරු බදු සහන සියල්ල දැන් අපට ලැබී තිබෙනවා. ඇගලූම් භාණ්ඩ පමණක් නොව තවත් භාණ්ඩ රැසක මෙම තීරු බදු සහනයට අයත් බව කිව යුතුයි. ඒ අතර අව්, අන්නාසි, ගම්මිරිස් ආදියත් යුරෝපයට යැවීමට උපාලි සමරවීර මහතා කල්පනා කර තිනෙවා. යුරෝපය අපට එම උපකාර කර තිබෙනවා. ඔවුන් අපට සම්පූර්ණ වෙළෙඳපොළක් ලබා දුන්නා.
අප දැන් ලෝකයේ සෑම රටක් සමගම මිතුරු වී සිටිනවා. යුරෝපය පමණක් නොව, ඉන්දියාව, ජපානය, චීනය, සිංගප්පූරුව ආදී රටවල් ද අපේ හොඳ මිතුරන් බවට පත්වී තිබෙනවා. ජපානයට හා ඉන්දියාවට යෑමට මට අවස්ථාව ලැබුණා. ඔවුන් අපේ දියුණුවට විශාල වශයෙන් උපකාර කරනවා. එම ප්‍රධාන නගර දියුණු කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට ආධාර කිරීමට, කොළඹ වරාය තවත් දියුණු කිරීමට, කොළඹ වරායට උතුරින් තවත් වරායක් ඉදිකිරීමට, කටුනායක ගුවන් තොටුපොළ දියුණු කිරීමට, කොළඹ සැහැල්ලූ දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට, මෙරටට හොඳ තාක්‍ෂණය ලබා දීමට, මහනුවර අලූත් නගරයක් බවට පත් කිරීමට, ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙන්ම අපගේ රූපවාහිනී නාලිකා ඩිජිටල්කරණය කිරීමට ජපානය එකඟ වී සිටිනවා.
ත්‍රිකුණාමලය සංවර්ධනය සඳහා සහභාගි වීමට සූදානම් යැයි ඉන්දියාව පවසා තිබෙනවා. ලංකාව හා ඉන්දියාව එක්වී ත්‍රිකුණාමලයේ ව්‍යාපෘති රැසක් දියුණු කිරීමට ඉන්දීය රජය කැමැත්ත පළ කර තිබෙනවා. ත්‍රිකුණාමලය තෙල් ගබඩා හවුල් ව්‍යාපාරයක් ලෙස දියුණු කිරීම ඉන් එක් ව්‍යාපෘතියක් බව කිව යුතුයි. එයින් ශ්‍රී ලංකාවේ තෙල් සංස්ථාවට කිසිදු හානියක් වන්නේ නැහැ. තෙල් ගබඩා කොට ඉන්දියාවට විකිණීමේ අවස්ථාව එවිට අපට ලැබෙනවා. එහි අප කර්මාන්ත ශාලා ඇති කළ යුතුයි.
ඒ අවට විශාල දියුණුවක් ඇති කළ යුතුයි. ඒ දියුණුවේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව සමග ඒකාබද්ධ කමිටුවක් පත් කරනවා. ජපානයත් ඒ කාර්ය සඳහා එකතු වෙනවා. සූර්ය තාප විදුලි බලාගාරයක් සාම්පූර් ප්‍රදේශයේ ඉදි කිරීමට ඉන්දියාව ක්‍රියා කරනවා. ඊට අමතරව ඉන්දීය රජය විසින් කෙරවලපිටියේ එල්.එන්.ජී. විදුලි බලාගාරයක් ඉදිකරනවා. ජපාන ආයෝජකයන් විසින් තවත් විදුලි බලාගාරයක් ඉදිකිරීමට නියමිතයි. විදුලි බලාගාරය සඳහා එල්.එන්.ජී. ගෑස් ලබා ගැනීම සඳහා අවශ්‍ය පාවෙන පර්යන්තය ඉන්දියාව, ලංකාව හා ජපානය එක්ව ක්‍රියාත්මක කරනවා.
උතුරේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ඉන්දයාවෙන් සහයෝගය ලැබෙනවා. මන්නාරමේ සිට වව්නියාවට, වව්නියාවේ සිට ත්‍රිකුණාමලයට, ත්‍රිකුණාමලයේ සිට දව්ුල්ලට අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කරන කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
දකුණු පළාතේ ඉන්දීය ආයෝජන සහිතව වෙළෙඳ කලාපයක් ඉදිකිරීමට ඉන්දීය සමාගමක් සූදානම්ව සිටිනවා. කලූතර අක්කර දහසක වෙළෙඳ කලාපයක් ඉදිකිරීම සඳහා තායි සමාගමක් පැමිණ සිටිනවා. වයඹ වෙළෙඳ කලාප තුනක් ඉදිකිරීමට නියමිතයි. මීට අමතරව හම්බන්තොට – වැල්ලවාය ප්‍රදේශවලත් වෙළෙඳ කලාප ඉදි කෙරෙනවා. ජාතික ආදායම වැඩි කරන අතර ඉතිරි සංවර්ධන කටයුතු අප සැලසුම් කරමින් සිටිනවා. කෘෂිකර්මාන්තය දියුණු කිරීමට ඉන්දියාවෙන් ආධාර ලබාදෙන බවට පොරොන්දු වුණා.
අපනයන කෘෂිකර්මාන්තය දියුණු කර මත්තල ගුවන් තොටුපොලින් අපේ භාණ්ඩ එතෙර යැවිය හැකි වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා ඉන්දියාවේ සහයෝගය ලබා ගන්නවා. වතුකරයේ ජනතාවට නිවාස ඉදිකිරීමට, උතුරේ ජනතාවට නිවාස ඉදිකිරීමට ඉන්දීය සහයෝගය ලැබෙනවා. මීට අමතරව අපේ ශක්තියෙන් දකුණේ අක්කර දහසකට වැඩි ප්‍රමාණයක සංචාර කලාප ඉදි වෙනවා. හලාවත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් තවත් සංචාරක කලාපයක් ඉදි වෙනවා. බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශවලත් වෙළෙඳ කලාප මෙන්ම සංචාරක කලාප ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා.
මහනුවර නගරය විශාල සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. එමෙන්ම සංස්කෘතික ත්‍රිකෝණය ආශ්‍රිතව ද සංචාරක කර්මාන්තය දියුණු කරනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් සමාගම එක්ව හම්බන්තොට වරාය දියුණු කිරීමේ තවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ දියුණුව මේ ප්‍රදේශයටත් ගලා එනවා. මේ සෑම සංවර්ධන සැලසුමක්ම ගෙන ආවේ අපනයන ආර්ථිකයක් ගෙන ඒම සඳහායි. අපේ නිෂ්පාදන එවිට ලෝක වෙළෙඳපොලේ විකිණීමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලාංකිකයන්ගේ ආදායම එවිට ඉහළ යනවා. එමෙන්ම ජාතික ධනය ඉහළ යනවා. දළ දේශීය ආදායම දෙගුණ තෙගුණ වෙනවා. දුප්පත්කම තුරන් කර තරුණයන් සඳහා රැකියා බිහි කර ඉදිරියට යන ව්‍යාපාරයක් ජාතික රජය විසින් ක්‍රියාත්මක කරනවා. අප ආරම්භ කරන්නේ අපනයන ආර්ථිකයේ සංවර්ධනයයි.
අප ජාතික ආදායම සීඝ්‍රයෙන් වැඩි කළා. හැමදාම හිඟන්නන් වශයෙන් ඉන්න හැකියාවක් නැහැ. අපනයන ආර්ථිකය මගින් ලෝක වෙළෙඳපොළට ඇතුලූ විය හැකි ආර්ථිකයක් අප නිර්මාණය කරනවා. 1977 වසරේ නිදහස් ආර්ථිකය ආරම්භ කරද්දී අපට කිසිවක් තිබුණේ නැහැ. ඇගලූම් කර්මාන්තයක් නැහැ. 1977 ට පෙර තිබූ රෙදි හැදින්වූයේ &ඣුඔට්;ඝණ්ඨාර මාක්” රෙදි යනුවෙන් බව වැඩිහිටියන් දන්නවා. අද වන විට අප ඉහළ ප්‍රමිතියෙන් යුතු රෙදි ලෝකයට අපනයනය කරනවා. එමෙන්ම විශාල වශයෙන් රබර් ටයර් හදනවා. මේ කර්මාන්ත පස් ගුණයකින් පමණ වැඩි කිරීම අපේ අරමුණයි. අප ළග වාදබේද නැහැ. සියලූ දෙනා එකතු වී වසර 5 කින් ඉදිරියට ගනිමු. ඊට පසුව පක්‍ෂ ලෙස බෙදී තරග කරන්නට හැකියාව තිබෙනවා. ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ ණය උගුලේ හිර වී තිබූ රට ඉන් බේරා ගැනීමයි. ඒ කාර්යය සඳහා අපනයන ගම්මානයෙන් ලැබෙන උපකාරයට ද අප ස්තූතිය පළ කළ යුතුයි.