මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති හා මාලදිවයින් ජනපති අතර ද්විපාර්ශවික සාකච්ඡා

    ජූනි 26, 2014

    මාලදිවයිනේ හා සීෂෙල්ස් හි සිව්දින නිල සංචාරයක් සඳහා ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ජනපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය ඊයේ (25) සවස මාලදිවයින් ගුවන්තොටුපොළේ දී එරට ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයුම් මැතිතුමා හා ආර්යා ෆාතිමා ඊබ්‍රහිම් මැතිණිය විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී.


    අනතුරුව මාලේ අගනුවර වෙත ගිය ජනාධිපති රාජපක්ෂ මැතිතුමා එරට උප ජනාධිපති ආචාර්ය මොහොමඩ් ජමීල් අහ්මඩ් සහ බවුලත් ෆහීම් මැතිණිය විසින් ද පිළිගනු ලැබීය.


    ජනාධිපතිතුමා මාලදිවයිනේ රැඳී සිටින කාලය තුළ මාලදිවයින් ජනාධිපතිතුමා සමඟ නායක මට්ටමින් ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වෙයි. පසුව දෙපාර්ශවය අතර නිල සාකච්ඡා අරඹන අතර සෞඛ්‍ය, ආයෝජන ක්ෂේත්‍රවල ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතය.


    මෙහිදී මාලදිවයින් හිටපු ජනාධිපති මවුමුත් අබ්දුල් ගයුම් මැතිතුමා ද ජනාධිපතිතුමා මුණ ගැසීමට නියමිතය. මාලදිවයින් ජනාධිපතිතුමා, රාජපක්ෂ මැතිතුමා හා මැතිණිය වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රයක් ද පවත්වන අතර මාලදිවයින් චාරිකාවෙන් පසු ජනාධිපතිතුමා සීෂෙල්ස් බලා පිටත්ව යනු ඇත.


    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම්. අස්වර්, උදිත් ලොකුබණ්ඩාර, ලොහාන් රත්වත්තේ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටිති.

     

    NDH/pix by Sudath Silva-pmu

    01 2

     

    02 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya