මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රිජ්වේ ආර්යා ළමා රෝහලේ මනෝ චිකිත්සක වාට්ටුව විවෘත වේ

    ජූනි 25, 2014
    නවීන පන්නයේ බහුවිධ පහසුකම්වලින් සමන්විත රිජ්වේ ආර්යා ළමා රෝහලේ නව මනෝ චිකිත්සක වාට්ටුව ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ සුරතින් ඊයේ (24) ජනතා අයිතියට පැවරිණි.
     
    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාජ සත්කාරක අංශය වන ශ්‍රී ලන්කන් කෙයාර්ස් මේ සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වා ඇත.
     
    අතහැර දමා තිබූ පැරණි රෝහල් ගොඩනැගිල්ලක් අලුත්වැඩියා කොට මානසික ගැටලු සහිත දරුවන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා මෙම නවීන මනෝ චිකිත්සක වාට්ටුව ස්ථාපිත කොට ඇත.
     
    කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙනුවෙන් බහුවිධ පහසුකම්වලින් සමන්විත ළමා මනෝ චිකිත්සක වාට්ටුවක් ඉදිකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ ශ්‍රී ලන්කන් කෙයාර්ස් පසුගිය වසරේ දී අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ අතර ඒ අනුව සියලු වැඩ අවසන් කිරීමෙන් අද එය මෙලෙස විවෘත කෙරිණි.
     
    මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළේ දැයේ දරුවන්ගේ ආරක්ෂාව සඳහා සියලුම පහසුකම් මේ රට තුළ ඇති බවත් අනාගතයේ දී ඔවුන් කාර්යක්ෂම පුරවැසියන් බවට පත්කිරීම සඳහා සියලුදෙනා කටයුතු කළ යුතු බවත්ය.
     
    රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝගී සත්කාර සේවා නංවාලනු වස් ඇසස් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම විසින් පරිත්‍යාග කරන ලද වකුගඩු රෝගීන් සඳහා භාවිත කරන CRRT යන්ත්‍රයක් ජනාධිපති ආර්යා ශිරන්ත වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය අතින් රෝහල වෙත භාරදීම ද මෙහිදී සිදු විය.
     
    මීට අමතරව ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි විශේෂඥ වෛද්‍ය ඇලිසන් කෙනට් මහතාගේ පරිත්‍යාගයෙන් ලබා දෙන ලද ස්වසන ආධාරක යන්ත්‍ර 05ක්ද රෝහල වෙත භාර දුනි.
     
    සියලු පහසුකම් සහිත නවීන වර්ගයේ ගිලන් රථයක් ද රෝහල වෙත පරිත්‍යාග කිරීමට එමරේට්ස් එයාර් ලයින් ආයතනයේ පියවර ගෙන තිබුණි.
     
    ඇසස් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ සභාපති සුමල් පෙරේරා මහතා සහ එම මහත්මිය ද අධ්‍යක්ෂ ෂමල් පෙරේරා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    FIST LADY RIGWE 1
     
     
    FIST LADY RIGWE 2
     
    FIST LADY RIGWE 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya