අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මාලදිවයිනේ හා සීෂෙල්ස්වල නිල සංචාරයක

    ජූනි 25, 2014

    ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (25) මාලදිවයිනේ සහ සීෂෙල්ස් රාජ්‍යයේ නිල සංචාරයක නිරතවීමට නියමිතව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.


    මාලදිවයින් ජනාධිපති අබ්දුල් යමීන් මහතාගේ ආරාධනයකට අනුව මාලදිවයින බලා පිටත්ව යන ජනාධිපතිවරයා අද (25) සහ හෙට (26) එරට රැඳී සිටී. එම කාලය තුළ දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් ද්විපාර්ශවික සාකච්ඡාවල නිරතවීමට නියමිතය.


    මාලදිවයින් සංචාරයෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සීෂෙල්ස් රාජ්‍යයේ ජනාධිපති ජෙම්ස් මිෂෙල් මහතාගේ ආරාධනයකට අනුව සීෂෙල්ස් බලා පිටත්ව යාමට ද නියමිතය. දෙදිනක් සීෂෙල්ස් හි රැඳී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී එරට රජයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතය.

     

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya