අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොණරාගල වැඳිකුඹුර විද්‍යාලය අංග සම්පූර්ණ මහින්දෝදය ද්වීතීයක පාසලක් ලෙස සංවර්ධනය කෙරේ

    ජූනි 24, 2014
    මහින්දෝදය පාසල් දහසක් ද්වීතීයක පාසල් ලෙස සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ඌව පළාතේ මොණරාගල වැඳිකුඹුර විද්‍යාලෝක මහා විද්‍යාලය අංග සම්පූර්ණ ද්වීතීයක පාසලක් ලෙස සංවර්ධනය කිරීම සහ එහි මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සහ තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (23) සිදු විය.
     
    අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ නිර්මාණය කළ අංග සම්පූර්ණ ගණිතාගාරයකින්, පරිගණක 25කින් සමන්විත භාෂාගාරයකින්, පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයකින් සහ දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයකින් මෙම මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සමන්විතය.
     
    විද්‍යාගාරය සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් සිසුන් සමඟ සුහද කථාබහක ද නිරත විය. අනතුරුව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල ද සිසු අයිතියට පැවරිණි.
     
    විදුහල්පතිවරයා මෙන්ම ආචාර්ය මණ්ඩලය සමඟ ද සුහද කථාබහක නිරත වු ජනාධිපතිතුමා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ද සොයා බැලීය.
     
    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක්ද ඌව පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව්, ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    MONARAGALA wedikumbura 1
     
    MONARAGALA wedikumbura 2
     
    MONARAGALA wedikumbura 3
     
    MONARAGALA wedikumbura 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya