අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගල්ගමුව මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය ජනපති අයිතින් සිසු අයිතියට

    ජූනි 24, 2014

    නගරයේ දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් රතුගල ආදිවාසී ජනතාවගේ දරුවන්ට ලබාදෙමින් රතුගල, ගල්ගමුව  මහා විද්‍යාලයේ ඉදිකළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (23) පෙරවරුවේ විවෘත කෙරිණ.


    විද්‍යාලය වෙත පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමා එහිදී සිසු දරුවන් විසින් පිළිගන්නා ලද්දේ මහත් හරසරනි.

    මහින්දෝදය පාසල් දහස වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ නිර්මාණය කළ අංග සම්පූර්ණ ගණිතාගාරයකින්, පරිගණක 25කින් සමන්විත භාෂාගාරයකින් පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයකින් සහ දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයකින් මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සමන්විතය.

    එය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වෙමින් සිසුන් සමඟ සුහද කතා බහකද නිරත විය.

    අමාත්‍යවරු වන බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, ජගත් පුෂ්පකුමාර, සුමේධා ජී.ජයසේන, ගාමිණී විජිත් විජිතමුණි සොයිසා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    ECB

    President opens Mahindodaya Technical Lab at Galgamuwa Maha Vidyalaya  Rathugala 2

    President opens Mahindodaya Technical Lab at Galgamuwa Maha Vidyalaya  Rathugala 3

    President opens Mahindodaya Technical Lab at Galgamuwa Maha Vidyalaya  Rathugala 4

    President opens Mahindodaya Technical Lab at Galgamuwa Maha Vidyalaya  Rathugala 5

    President opens Mahindodaya Technical Lab at Galgamuwa Maha Vidyalaya  Rathugala 6

    President opens Mahindodaya Technical Lab at Galgamuwa Maha Vidyalaya  Rathugala 7

    President opens Mahindodaya Technical Lab at Galgamuwa Maha Vidyalaya  Rathugala 8

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya