අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඓතිහාසික කතරගම පුදබිමේ ආගමික වතාවත්වල

    ජූනි 24, 2014
    ඓතිහාසික කතරගම පුදබිම වෙත ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ආගමික වතාවත්හි නිරතව ආශිර්වාද ලබා ගත්තේය. 
     
    පළමුව ඓතිහාසික කිරි වෙහෙර අභියස පැවති ආගමික වතාවත් සඳහා සහභාගිවු ජනාධිපතිතුමා අනතුරුව කතරගම මහා දේවාලය වෙතද ගොස් එහි පැවති විශේෂ පූජාවට සහභාගිවී ආශිර්වාද ලබා ගත්තේය.
     
    සෙසු දේවාල වෙත මෙන් ම කතරගම පුද බිමේ මුස්ලිම් දේවස්ථානය වෙතද ගොස් ආශිර්වාද ලබා ගත්තේය. පුදබිම වෙත පැමිණ සිටි බැතිමතුන්ගේ සුවදුක් විමසූ ජනාධිපතිතුමා ඔවුන් සමඟ සුහද පිළිසඳරක නිරත විය.
     
    කතරගම කිරි වෙහෙර රජ මහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේද, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහත්වරුන් ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.
     
    DB
     
    HE KATHARAGAMA 1
     
     
    HE KATHARAGAMA 2
     
    HE KATHARAGAMA 3
     
    HE KATHARAGAMA 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya