අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රතුගල විදුලි යෝජනා ක්‍රමය ජනපති අතින් ජනතා අයිතියට

    ජූනි 24, 2014
    ඌව උදානය සංවර්ධන වැඩසටහන යටතේ මොනරාගල, රතුගල ප්‍රදේශයේ ආදීවාසි ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ රතුගල විදුලි යෝජනා ක්‍රමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (23) ජනතා අයිතියට පැවරිණි.
     
    රුපියල් මිලියන 304ක වියදමින් ඉදිකර ඇති මෙම විදුලි ව්‍යාපෘතිය මඟින් නිවාස 1400ක් සඳහා විදුලිය සැපයේ.
     
    අරුල උහන, මුල්ලේගම, රන්පහ අරාව, රත්මල්ගම ඇල්ල, නෙල්ලියද්ද, පේලියගම, බුබුළුයාය, නෙල්ලියද්ද, හදබිම 06, රතුගල ගල්ගමුව, ගල්ගමුව 02, මියන්තලාව, නවසිරිපතන, නිලගල මල දඹේ, නිල්ගල සේරාව, නිල්ගල, වැද්දා බැඳි හින්න, බුළුපිටිය පේරාණ, පිටකුඹුර දිගුව, කරාඬුගල, හැකලන්දෙනිය, බුළුපිටිය වසම, හමනාව, මැදලන්ද, කරාඬුගල මහගම හා කරාඬුගල පිටවෙල ආදී ගම්මාන 25ක් මෙයින් ආවරණය කෙරේ.
     
    මෙම වසර අවසන් වන විට දිවයිනේ සියලු නිවාස සඳහා විදුලිය ලබාදීම රජයේ අපේක්ෂාවයි. එහි තවත් පියවරක් ලෙස රතුගල විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
     
    රතුගල විදුලිය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්වීමත් සමඟ ප්‍රදේශයේ ආදිවාසී ජනතාවගේ ජීවිත ආලෝකමත් වන අතරම ඔවුන්ගේ ජීවින තත්ත්වය නඟාසිටුවීමටද ඉන් අවකාශ සැලසෙනු ඇත.
     
    විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ජගත් පුෂ්පකුමාර, සුමේධා ජී. ජයසේන, ගාමිණි විජිත් විජිතමුණි සොයිසා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්ම මහත්මීහුද, රතුගල ආදිවාසී නායකයා ඇතුළු ආදිවාසී ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE RATHUGALA ELEC PROJECT
     
    HE RATHUGALA ELEC PROJECT 2
     
     
    HE RATHUGALA ELEC PROJECT 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya