අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොනරාගල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය සහ නව වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට

    ජූනි 24, 2014
    මොනරාගල මහ රෝහලේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකය ඇතුළු සිව් මහල් වාට්ටු සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ඊයේ (23) ජනතා අයිතියට පැවරිණි.
     
    රුපියල් මිලියන 273ක වියදමින් ඉදිකළ මෙම වාට්ටු සංකීර්ණය දැඩි සත්කාර ඒකකයකින්, ප්‍රාථමික සත්කාර ඒකකයකින්, හදිසි අනතුරු ඒකකයකින් සහ ළමා රෝග සහ කායික රෝග වාට්ටුවලින් සමන්විතය.
     
    නව වාට්ටු සංකීර්ණය සඳහා පළමු රෝගියා ඇතුළත් කර ගැනීමද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිදු විය.
     
    අමාත්‍යවරුන් වන සුමේධා ජී. ජයසේන, ජගත් පුෂ්පකුමාර, පවිත්‍රා වන්නිආරච්චි, විජිත් විජතමුණි ද සොයිසා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න මහත්ම මහත්මීන් සහ රෝහල් අධ්‍යක්ෂ ආර්.එම්.බී. රත්නායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE OPEN MONARAGALA HOSPITAL 1
     
     
    HE OPEN MONARAGALA HOSPITAL 2
     
    HE OPEN MONARAGALA HOSPITAL 3
     
    HE OPEN MONARAGALA HOSPITAL 4
     
    HE OPEN MONARAGALA HOSPITAL 5
     
    HE OPEN MONARAGALA HOSPITAL 6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya