අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොඩයාන ගුරු ගම්මානය ජනපති අතින් විවෘත වෙයි

    ජූනි 24, 2014
    ඌව පළාතට පත්වීම් ලබා පැමිණෙන ගුරුවරුන්ගේ සුබසාධන පහසුකම් වැඩිදියුණු කරමින් ඉදිකළ සියඹලාණ්ඩුව, කොඩයාන ගුරු ගම්මානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (23) විවෘත කෙරිණි.
     
    ඌව පළාතට පත්වීම් ලබා පැමිණෙන ගුරුවරුන්ට නවාතැන් පහසුකම් සපයා ගැනීම දුෂ්කර කාර්යයක්ව පැවැති අතර ඊට විසඳුම් වශයෙන් රුපියල් මිලියන 32ක වියදමින් මෙම ගුරු ගම්මානය ඉදිකර ඇත.
     
    ගුරු පවුල් 50කට පමණ මෙහි පහසුකම් සැලසෙන අතර ප්‍රජා මධ්‍යස්ථානයකින් සහ ළමා උද්‍යානයකින්ද මෙම ගම්මානය සමන්විතය. ගම්මානය විවෘත කළ ජනාධිපතිතුමා එහි ගුරු පවුල් කිහිපයක් වෙත නිවාසවල යතුරු ප්‍රදානය කිරීමටද එක්විය.
     
    අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, පවිත්‍රා වන්නිආරච්චි, සුමේධා ජී. ජයසේන, ඌව පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව්, ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.
     
    ඉන් අනතුරුව CIC ශූර ගොවියා සම්මානය හිමිකරගත් නිහාල් සුබසිංහ මහතාගේ සියඹලාණ්ඩුව නිවසට ගිය ජනාධිපතිතුමා ඒ මහතා ඇතුළු පවුගේ අය සමඟද සුහද කථා බහක නිරත විය.
     
    DB
     
    HE SIYABALANGAMUWA GURU GAMMANAYA 1
     
     
    HE SIYABALANGAMUWA GURU GAMMANAYA 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya