නොවැම්බර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගනේගම අරමණාපොළ රජමහා විහාරස්ථානයේ රන් වැට විවෘත කිරිම අද

    පෙබරවාරි 26, 2017

    ගනේගම අරමණාපොළ රජමහා විහාරස්ථානයේ මූලිකත්වයෙන් හා ගනේගම ගම් වාසීන්ගේ දායකත්වයෙන්, ඌව සබරගමු දෙපළාතේ ප්‍රධාන සංඝනායක කිරිවැල්දෙනිය පුරාණ  විහාරය හා බුදුලෙන රජමහ විහාරයේ භාරකාර, ගනේගම අරමණාපොළ රජමහා විහාර භාරකාර පාතකඩ විමලරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ඉදිකරණු ලැබු අෂ්ඨඵල බෝධීන් වහන්සේ වටා ඇති රන් වැට විවෘත කිරිම අද (26) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව පැල්මඩුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පුජ්‍යපාද හුණුවල සද්ධානන්ද හිමියන් ප්‍රකාශ කරයි.


    ඵදිනම අස්ගිරි විහාර පාර්ශවයේ මහානායක හිමිපානන්  වහන්සේගේ වැඩම වීමෙන් විහාරස්ථ සිමා මාලකය විවෘත කිරිම සිදුකෙරෙන බවද මේ අවස්ථාවට මහා සංඝරත්නයද,මැති ඇමතිවරුන්ද  රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනි ලොතුපෝතාගම මහත්මිය  ප්‍රමුඛ රාජ්‍ය නිළධාරීන්ද, සම්භාවනීය ආරාධිතයන් රැසක්ද සහභාගී වීමට නියමිතය.

    රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya