ජනාධිපති කාර්යාලයේදී පසුගියදා පැවති සාකච්ඡාවේදී ඒ.එම්. ෆෂීර් (A.M Fachir) මහතා ඒ බව සඳහන් කළේය.
ජනාධිපතිතුමා ලබන මස 6 – 7 දිනයන්හි ජාකර්තාහි පැවැතිවීමට නියමිත ඉන්දියානු සාගර කලාපිය සහයෝගීතා කවයේ සමුළුවට සහභාගී වීමට නියමිත අතර එය අවසන් වූ පසුව ඉන්දුනීසියාවේ නිල සංචාරය සඳහා මෙලෙස ඇරයුම් ලැබ තිබේ.
නිල සංචාරය සඳහා කළ ආරාධනය පිළිබඳ සිය ස්තුතිය පළකළ ජනාධිපතිතුමා එම සංචාරයේදී වෙළෙඳ ආයෝජන, ප‍්‍රවාහන හා සංචාරක ඇතුළු විවිධ ක්ෂේත‍්‍රයන් සංවර්ධනය කරගැනීම සම්බන්ධයෙන් ද ද්විපාර්ශවික සබඳතා පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
පවතින දැඩි නියඟය හේතුවෙන් අසිරුවට පත් ශ‍්‍රී ලාංකික ජනතාව වෙත සහල් මෙටි‍්‍රක් ටොන් 5000ක් ආධාර වශයෙන් ලබාදීමට ඉන්දුනීසියානු රජය කටයුතු කරමින් පවතින අතර එම සහල් ලබන මස වනවිට ශ‍්‍රී ලංකාව වෙත ලැබීමට නියමිත බව ද ඉන්දුනීසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන්දුනීසියානු රජයෙන් මෙරටට ලබාදෙන ආධාර සම්බන්ධයෙන් ඉන්දුනීසියානු රජය හා ජනතාව වෙත සිය කෘතවේදීත්වය පළකළ ජනාධිපතිතුමා මෙය දෙරට අතර අතතීයේ පටන් පැවති සබඳතා වර්ධනය කරගැනීමේ තවත් එක් පියවරක් බව ද ප‍්‍රකාශ කළේය.
ඉන්දුනීසියාවත් ශ‍්‍රී ලංකාවත් අතර පවතින සමීප සබඳතා පිළිබඳ සිහිපත් කළ ජනාධිපතිතුමා 1976 දී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ දී පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුවේදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා දැක්වු දායකත්යවය පිළිබඳව ද විශේෂයෙන් සිහිපත් කළේය.
මෙම අවස්ථාවට ඉන්දුනීසියානු ප‍්‍රධාන තානාපති නිලධාරී ද්වියන් මාජි හැනමස්ග‍්‍රසි (Dwiatmaji Hanomanresi) මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූහ.