නොවැම්බර් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ රටවලින් පැමිණෙන ඉංජිනේරු වෘත්තිකයන් නියාමනය කරන්නට අවස්ථාව ලැබෙනවා

    පෙබරවාරි 23, 2017

    ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත මඟින් විදේශ රටවලින් පැමිණෙන ඉංජිනේරු වෘත්තිකයන් නියාමනය කරන්නට අවස්ථාව  ලැබෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත  විවාදයට ඉදිරිපත් කරමින් අද (23) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    මෙමඟින් රටටත් සමස්ත ජනතාවටත් විශාල සේවයක් හිමිවෙනවා. සුදුසුකම්ලත් ඉන්ජිනේරුවන් තාක්ෂණවේදීන් හඳුනාගන්න අසීරුවෙනවා. මේ සභාව මඟින් ඉංජිනේරුවන්ගේ ප්‍රමිතීන් හඳුනාගැනීමට හැකිවෙනවා. සාමාන්‍ය ජනතාවට නිසි ප්‍රමිතියෙන් යුත් ඉංජිනේරුවෙක් සොයා ගැනීමට අවස්ථාව උදාවෙනවා. පනත මඟින් විදේශ රටවලින් පැමිණෙන ඉංජිනේරු වෘත්තිකයන් නියාමනය කරන්නට හැකි වෙනවා. ඔවුන් ඉංජිනේරු සභාවේ ලියාපදිංචි විය යුතුයි.

    නිසි තාක්ෂණික අධ්‍යාපනයක් නොළබා පළපුරුද්දෙන් වැඩ කරන අය ඉන්නවා.ඒ අනුව විධිමත් අධ්‍යාපනයක් නොලැබූ වෘත්තිකයන්ට පාඨමාලා හදාරා මේ සභාවේ ලියාපදිංචි විය හැකියි. ඔවුන් යම් සහතික ලත් තැනකට ගෙන ඒම විශාල පිටුවහලක් වෙනවා ඉදිකිරීම් හා අනෙකුත් ක්ෂේත්‍රවලට.මේ පනත කාලීන අවශ්‍යතාවයක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya