සාම්ප‍්‍රදායික දේශපාලන සංස්කෘතියෙන් සහ සිතුම් පැතුම්වලින් බැහැරව සියලූදෙනා රට පිළිබඳ සිතා විවෘතභාවයෙන් යුතුව කටයුතු කළයුතු බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අද (17) පස්වරුවේ වැලිගම නගර සභා ශ‍්‍රවණාගාරයේ පැවති දකුණු පළාත් රාජ්‍ය නිලධාරින්ගේ හමුව අමතමිනි.
රාජ්‍ය දේපළ සහ සම්පත් පරිහරණයේදී තම ආයතනයේ සම්පත් පෞද්ගලික සම්පත් සේ සලකා ඇතැම් ආයතන ප‍්‍රධානින් කටයුතු කරන අතර ආයතන අතර තිබෙන කඹ ඇදීම් තුළින් රටේ සංවර්ධන ගමනට බාධා එල්ල නොවියයුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
සංවර්ධන කි‍්‍රයාවලියේදී සියලුදෙනා සාමුහිකව කටයුතු කළයුතු බව ද පැවසූ ජනාධිපතිතුමා රට වෙනස් කිරීමට කලින් අප වෙනස් විය යුතු බවත් රටට සහ ජනතාවට අවශ්‍ය වෙනස්කම් ලබාදෙමින් රාජ්‍ය සේවයේ ද පැහැදිළි වෙනසක් සිදු කිරීමට රාජ්‍ය නිලධාරින් සූදානම් විය යුතු බවත් කියා සිටියේය.
මාධ්‍ය වාර්තාකරණයේදී වාණිජ අරමුණු සහ ජනපි‍්‍රයතාවය වැඩිකර ගැනීමට ඝෘණාත්මක ප‍්‍රවෘත්තී පළ කිරීමට පමණක් සීමා නොවී රට වෙනුවෙන් සිතා බලා කටයුතු කිරීමට මාධ්‍යයට වගකීමක් පැවරෙන බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා රාජයේ සේවකයින් ඇතුළු සියලු දෙනා දිරිගැන්වීම සදහා රටේ සැබෑ සංවර්ධන කි‍්‍රයාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වගකීම සියලු මාධ්‍ය ආයතන වෙත පැවරෙන බව ද කියා සිටියේය.
සංවර්ධන කි‍්‍රයාවලියේදී රාජ්‍ය නිළධාරින්ගේ භූමිකාව පිළිබඳ දකුණු පළාත් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම හමුව සංවිධානය කර තිබුණි.
වසර 2030 වන විට දිළිඳුකමින් තොර සවිබල ගැන්වූ ශී‍්‍ර ලංකාවක් බිහිකිරීමේදී රාජ්‍ය නිලධාරින්ගේ කාර්යභාරය සහ ඔවුන් මුහුණ දෙන අභියෝග, මැයෙන් සමාජ සවිබලගැන්වීමේ සහ සුබසාධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා විසින් මෙහි ආරාධිත දේශනය සිදුකරනු ලැබීය.
දකුණු පළාත් රාජ්‍ය නිලධාරින්ගේ උපහාරය ජනාධිපතිතුමා වෙත පිළිගන්වමින් උපහාර තිළිණයක් ද පිළිගැන්විණි.
දකුණු පලාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, දකුණු පළාත් අමාත්‍යවරුන් වන යූ.ජී.ඩී. ආරියතිලක, එච්.ඩබ්ලිව්. ගුණසේන, චන්දිමා රාසපුත‍්‍ර, වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ඇතුළු දකුණු පළාත් මැති ඇමතිවරු පිරිසක් ද දකුණු පළාත් රාජ්‍ය නිලධාරින් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.