නොවැම්බර් 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම - ජනමත විචාරණයකට යොමුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද සහය ඇතිවයි

    පෙබරවාරි 09, 2017

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම රජයේ ස්ථාවරය බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද සහය ඇතිව නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යෑමට බලාපොරොත්තු වන බවත් සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සම්බන්ධයෙන් අවශ්‍ය සාකච්ඡා සිදුවුවද මෙතෙක් නව ව්‍යවස්ථාවේ එකම වගන්තියක් හෝ සකස් කර  නොමැති බවත් ඇමතිවරයා පැවසීය.සියලු යෝජනා ආවාම පාර්ලිමේන්තුව තුළ මාධ්‍ය ඉදිරියේ කරනවා .අපි හැංගි හොරා කරන්නේ නෑ යැයි ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රමාණවත් නොවන බැවින් ඊට එහා ගිය (13+) විසඳුමක් ලබාදෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.

    අමාත්‍යවරයා අඳ (09) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසුවේ විදේශ ඇමතිවරයා විදේශ මාධ්‍යවේදීන් හමුවේ කර ඇති ප්‍රකාශයක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී සිදුකළ විමසිමකට පිළිතුරු දෙමිනි.

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසිම සම්බන්ධයෙන් විවිධ පක්ෂ තම මතය ඉදිරිපත් කර ඇතත් ඇතැම් පක්ෂ මේ සම්බන්ධයෙන් සිය යෝජනා භාරදීමට නියමිත බවත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya