ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළු කේන්ද්‍රස්ථානයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා පවත්වමින් මැක්ලේ මහතා වැඩිදුරටත් පැවසූයේ කඩිනමින්ම නවසීලන්ත ඉහළ පෙළේ වෙළඳ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන බවයි.
පොදු රාජ්‍ය මණ්ඩලය තුළ වෙළඳ සහ ආර්ථික සබඳතා ශක්තිමත් කරලීම වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන් පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තානාපති සම්බන්ධතා ආරම්භ කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනිණි. දෙරට අතර වෙළඳ, ආර්ථික මෙන්ම ද්විපාර්ශවික සබඳතා පුළුල් කරලීම සඳහා තානාපති සම්බන්ධතාවන් ශක්තිමත් පදනමක් වනු ඇති බව ද අවධාරණය කෙරිණි.
මුදල් අමාත්‍ය රවි කරුණානායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, ජිනීවා ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ උපදේශක මංගල යාපා යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක් වූහ.