නොවැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වෙළද ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා

    ජනවාරි 21, 2017

    ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශවික වෙළද ආර්ථික හා සමාජයීය සබඳතා ශක්තිමත් හා පුළුල් කරලීම සම්බන්ධව වියට්නාම් අග්‍රාමාත්‍ය නයෙන් ෂුආන් පක් (HE Mr. Nguyen Xuan Phuc) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළු කේන්ද්‍රස්ථානයේ දී සාකච්ඡා පැවැත්විණි.


    දෙරටටම පොදු සංස්කෘතික ලක්‍ෂණයන් හා සම්ප්‍රදායන් පදනම් කර ගනිමින් හඳුනා ගන්නා සුවිශේෂී ක්ෂේත්‍රයන්හි මේ සබඳතා ශක්තිමත් කර ගැනීම වඩාත් සුදුසු බව මෙහිදී අවධාරණය කෙරිණි.

    ලබන අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වියට්නාම් නිල සංචාරය අවස්ථාවේ දී ශ්‍රී ලංකාව සමග අවබෝධාත්මක ගිවිසුම් කීපයක් අත්සන් කිරීමට අපේක්‍ෂා කරන බව වියට්නාම් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
    දෙරටේ සම්බන්ධතා වැඩි දියුණු කිරීමේ අරමුණින් ඉහළ පෙළේ ඒකාබද්ධ කොමිසමක් පත් කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

    මුදල් අමාත්‍ය රවි කරුණානායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, ජිනීවා ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ උපදේශක මංගල යාපා යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya