රාජ්‍ය දැව සංස්ථාවෙහි වසර තිහක සේවා කාලය සම්පූර්ණ කරමින් සිදුකළ සේවාව අගයමින් සේවයේ නියුතුව සිටි කාර්යමණ්ඩලයේ සාමාජිකයන් වෙත ජනාධිපතිතුමා විසින් මෙම රන් සම්මාන ප්රදානය කරනු ලැබීය.
පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනවිරත්න හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක යන මහත්වරුන් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණ ප්රදානය කිරීම ද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාවට මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරි පාලිත ජයසේකර ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.