මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශාලතම ටයර් කර්මාන්තශාලාවට මුල්ගල තබයි - රටේ තරුණ තරුණියන්ට රැකියා ලබාදෙනවාට විරුද්ධ වීම, තරුණ තරුණියන්ට කරන ද්‍රෝහීකමක්

    ජනවාරි 05, 2017

    රටේ තරුණ තරුණියන්ට රැකියා ලබාදෙනවාට විරුද්ධ වන්නේ නම් එය තරුණ තරුණියන්ට කරන ද්‍රෝහීකමක් බවත් රටේ තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් ලබාදෙන්න, ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් සකස් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත විශාලතම අංග සම්පූර්ණ අධිතාක්ෂණ ටයර් කර්මාන්තශාලාවට මුල්ගල තැබීමේ අවස්ථාවට අද (05) සහභාගීවෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය. රුපියල් බිලියන 11.25ක වියදමින් ඉදිකෙරෙන ටයර් කර්මාන්තශාලාව හොරණ,වගවත්ත  ආයෝජන කලාපයේ දී ඉදි කෙරේ.

     

    එහිදී තරදුරටත් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

    අද අපි ආරම්භ කිරීමට මුල්ගල තිබූ ටයර් කර්මාන්තශාලාව නිසා මේ ප්‍රදේශයේ තරුණ තරුණියන් දහස් ගණනකට රැකියා ආදායම් අවස්ථා ලැබෙනවා. මේ කර්මාන්තශාලාව ආරම්භ කරන්න ජී.එස්.පී.ප්ලස් විශාල රුකුලක් වුණා. මේ කර්මාන්තශාලාවේ නිපදවන ටයර්වලින් සියයට 75%ක් අපනයනය කරනවා.

     

    මේ කර්මාන්තශාලාවත්, අඟහරුවාදා ආරම්භ කළ පන්නල කුළියා පිටිය කර්මාන්තශාලාවත් හෙට ආරම්භ කරන කොග්ගල කර්මන්තශාලාවත්, රුහුණ මූලික කලාපයත් එකතු වූ විට සතියක් තුළ විසිදහසකට අධික රැකියා ලබාදෙන්න අවස්ථාව ලැබෙනවා. මේක වාර්තාවක්.

     

    අපිට මෙවැනි කටයුත්තක් කිරීමට හැකි වුණේ ඇයි? අද මේ රටේ තරුණ තරුණියන් ගැන සිතන්න අවශ්‍යයි. වසර තිහක යුද්ධයෙන් පස්සේ පිටුපස බලන්න බයයි. හැම රටක්ම අපිට ඉදිරියෙන් ඉන්නේ. අපිට තිබූ හොඳ අවස්ථා නැති වුණා. තරුණ තරුණියන්ට රැකියා ලබාදෙන්න තිබූ අවස්ථාව අපිට නැති වුණා.

     

    යුද්ධය අවසන් වුවාට පසු අපේ රටේ තරුණ තරුණියන්ට මෙවැනි අවස්ථාවක් ලබාදීම අපේ යුතුකමක්. ඒ නිසයි අපි මේ රටේ විශාල කර්මාන්තකරණයක් කරන්නේ. සංචාර ව්‍යාපරය දියුණු කරන්නේ. අපේ විද්‍යා තාක්ෂණය දියුණු කරන්නේ. මේවට අධ්‍යාපනය දියුණු කළ යුතුයි. නිකම්ම රැකියා නොවෙයි,හොඳ රැකියා ලබාදෙන්න, හොඳ අනාගතයක් ලබාදෙන්න.ඒක කරන්නයි, අපි එකතුවෙලා, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ  ප්‍රධාන පක්ෂ එකතුවෙලා ආණ්ඩුවක් හදලා තිබෙන්නේ.

     

    මේ රටේ ආර්ථික වර්ධනයක් ඇති කරලා,තරුණ තරුණියන්ට හොඳ රැකියා ලබාදෙන්න අපි කටයුතු කරනවා. අපි එකතුවෙලා ගමන යනවා වසර 2020 වනතුරු. අපිට විශාල ණය බරක් තිබුණා.ආදායම් වැඩි කළ යුතුයි. ඒ සඳහා ආයෝජන ගේන්න අවශ්‍යයි. දේශීය ආයෝජකයන් මෙන්ම විදේශීය ආයෝජකයන්ද අවශ්‍යයි.අද චීනය, ඉන්දියාව, හා යුරෝපය තුනම එකතු කළ වෙළඳපොල තිබෙන්නේ ශ්‍රී ලංකාවේ.

     

    අපිට යුතුකමක් තිබෙනවා රැකියා ඇති කරන්නේ කොහොමද කියලා බලන්න. සීග්‍රයෙන් තීන්දු ගත යුතුයි. නීති ඇති කළ යුතුයි.ආයෝජකයන්ට සහන ලබාදිය යුතුයි.දිරිගැන්වීම් ලබාදිය යුතුයි.තරුණ තරුණියන්ට රැකියා පුහුණුවක් ලබාදිය යුතුයි. ආයෝජකයන්ට කර්මාන්තශාලා දාන්න අපි ඉඩම් ලබාදිය යුතුයි.

     

    මේ කර්මාන්තශාලා දැම්මාම, දහස් ගණන් රැකියා ලැබෙනවා. ඉදිරි වසර දහය පහළොවට අපි ඉඩම් හඳුනාගෙන තිබෙන්නේ. අපි මහනුවර හඳුනාගෙන යනවා, වයඹ හඳුනාගෙන තිබෙනවා, බස්නාහිර අවිස්සාවේල්ල අපි අක්කර හාරදහසක් අපි හඳුනාගෙන තිබෙනවා.මේ ඉඩම්වලින් සියයට 95%ක් රජයට අයිති මුඬු ඉඩම්. හම්බන්තොට තමයි  විශාල ප්‍රශ්නය. රජයේ ඉඩම් ගන්නේ. කාගේ ඉඩම්ද ගන්නේ. කර්මාන්තශාලාවක් ආරම්භ කරන්න අවශ්‍ය නම් ඉඩම් දෙමු.බදු සහන ලබාදීලා කර්මාන්තශාලා හදන්නයි අවශ්‍යය. අපිට වුවමනා නෑ, ඉඩම්වලින් පන්නා දමා කර්මාන්ත හදන්න.ඒ ගැන ප්‍රශ්නයක් නෑ.අපිට අවශ්‍ය වී තිබෙන්නේ හම්බන්තොට වරායෙන් නියම ප්‍රයෝජනය ලබාගන්න.ගිවිසුම් සියල්ල ඇතුළත් වුනාම, පාර්ලිමේන්තුවට ගිවිසුම් ඉදිරිපත් කරනවා. අපි විනිවිදභාවයෙන් කටයුතු කරනවා. එකකවත් විහාරස්ථාන නෑ. පුරාවිද්‍යා ස්ථාන ඇතුළත් වෙන්නේ නෑ.


    මෙතැන කර්මාන්තශාලා ආරම්භ වුනාම, විශාල බෞද්ධ ශිෂ්ඨාචාර මධ්‍යස්ථානයක් ඇති කරනවා. ලෝකයේ විශේෂ ගෘහනිර්මාණ තිබෙන බෞද්ධ මධ්‍යස්ථානයක් ඇති කරන්නේ. මට තේරෙන්නේ නෑ, ඇයි විරුද්ධ කියලා. තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට විරුද්ධ වීම විශාල ද්‍රෝහීකමක්.ඇයි අපි මේ රටේ තරුණ තරුණියන්ට රැකියා ලබාදෙනවාට විරුද්ධ වෙන්නේ.ඒකට විරුද්ධ නම ඒක තරුණ තරුණියන්ට කරන ද්‍රෝහීකමක්.

     

    අපිට අවශ්‍ය සීග්‍ර කර්මාන්තකරණයක්,සීග්‍ර සංචාරක දියුණුවක්,තාක්ෂණ දියුණුවක් රටේ ඇති කරල, ඉදිරි වසර පහේ දී මේ රටේ තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් ලබාදෙන්න,ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් සකස් කරනවා. එය ඉටු කරන්නයි අපි බලාපොරොත්තු වෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

     

    මේ අවස්ථාවට, මහා සංඝරත්නය, අමාත්‍යවරුන් වන,සිසිල් ප්‍රේම්ජයන්ත, රවී කරුණානායක, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, නවීන් දිසානායක, මලික් සමරවික්‍රම, රාවුෆ් හකීම්, හොරණ ප්‍රධාන සංවිධානයක් හේමන්ත වික්‍රමාඅරච්චි යන මහත්වරු ද,සිලෝන් ස්ටීල් සමූහයේ සභාපති නන්දන ලොකුවිතාන මහතා ඇතුළු දෙස් විදෙස් ආරාධිත අමුත්තන් රැසක් මෙන් ම ප්‍රදේශවසීහු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

     

    aranil horana

    ඡායාරූප- ලක්සිරි අල්විස්- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya