නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විෂය නි‍ර්දේශ අන්තර්ගත කර නව වන වසරේ සිට පාසල් දරුවන්ට අයි පෑඩ් ලබාදීමට අපේක්ෂා කරනවා

    දෙසැම්බර් 09, 2016

    9 වස‍රේ සිට අච්චු ‍පොත් ‍වෙනුවට අඟල් දහ‍යේ අයි පෑඩ් එකක් ලබා දී විෂය නි‍ර්දේශය ඒ තුළ අන්තර්ගත කරන්න අ‍පේක්ෂා කරන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමිනි.

    මේ අමාත්‍යාංශ‍යෙන් බලා‍පො‍රොත්තු වන්නේ කුමක්ද?. ලංකා‍වේ ජනතාවටත් ඩිජිටල් යන්න අලුත්. ‍මෙය ලංකා‍වේ තිබුණ අමාත්‍යාංශයක් ‍නො‍වේ. 2016 දී මුලින්ම කරන්න වු‍ණේ ‍මේ සම්බන්ධ‍යෙන් සැලසුමක් සකස්කර ගැනීමයි. අමාත්‍යාංශයට ඔළුවක් තිබු‍ණේ නැහැ. ‍ලේකම්වර‍යෙක් හිටි‍යේ නැහැ. ශ්‍රී ලංකා ‍ටෙලි‍කොම් ආයතනය අපිට පරිපාලනය කරන්න බැහැ. එහි අයිතිය සියයට 51ක් පමණයි අපිට ති‍‍‍බෙන්නේ. ලංකා‍වේ අනාගතය සම්බන්ධ‍යෙන් අ‍පේ අමාත්‍යාංශය වැදගත් කාර්යයක් ඉටුකරනවා.

     

    2017 වස‍රේ දී අ‍පේ සැලසුම්වල ප්‍රතිඵල එනවා. තනි මතයට අපි කිසිවක් කර නැහැ. විවෘත ‍ටෙන්ඩර් කැඳවා විනිවිඳභාව‍යෙන් යුතුව ලංකාවට, අනාගතයට වැදගත් ව්‍යාපෘති 64ක් ‍වෙනු‍වෙන් මුදලක් ‍වෙන්කර ති‍බෙනවා. ඩිජිටල් යන්නෙහි ‍තේරුම ආංගනය යන්නයි. ‍තම ජනජීවිතය තම අතැඟිලිවලට‍ ‍ගෙනඒම ඩිජිටල්කරණ‍යෙන් සිදු‍වෙනවා. නි‍වෙ‍සේ සිට සියල්ල කරන්න පුළුවන්.

     

    ඒ ‍වෙනු‍වෙන් යටිතල පහසුකම් අවශ්‍ය ‍වෙනවා. තු‍නෙන් ‍දෙකක ලංකා‍වේ හයි‍වේ ති‍බෙනවා. ෆ‍යිබර් ඔප්ටිම් තාක්ෂණය ඔස්සේ ලංකාව ජාලගත කරනවා. තාක්ෂණය අතින් අපි ‍ලෝක‍යේ 62 ස්ථාන‍යේ ඉන්නවා. අපි වැඩපිළි‍වෙලක් කර‍ගෙන ඇවිත් ති‍බෙනවා. ගූගල් ආයතනය, මයි‍ක්‍රො‍සොෆ්ට් ආයතනය අ‍පේ රටට පැමිණ ති‍බෙනවා. ලංකාව සමඟ විශ්වාසය පදනම් කර‍ගෙන පැමිණ ති‍බෙනවා. අපි යල්පැනගිය අදහස්වලින් ‍හෙම්බත් වී සිටිනවා. විශ්ව ‍ලෝකයට යන කලාප‍යේ පළමු රට ශ්‍රී ලංකාවයි. ‍මෙහි වපසරිය සම්බන්ධ‍යෙන් අවධානය ‍යොමුකළ යුතු ‍වෙනවා. සන්නි‍වේදනය සමඟ තමන්ට අවශ්‍ය දෑ ඉ‍ගෙන ගන්නට අ‍පේ දරුවන්ට හැකියාව ති‍බෙනවා. අද ‍ලෝකය දියුණුයි. ‍මේ ‍දේ රටට ‍දෙන්නේ ‍දේශපාලන අවශ්‍යතාවය මත ‍නො‍වේ. දරුවන්ගේ අනාගතය ‍ගොඩනැඟීමයි එයින් ‍කෙ‍රෙන්නේ. ඒ ‍ලෝකයට අපි යායුතු ‍වෙනවා. අපිට අවශ්‍ය 9 වස‍රේ සිට අච්චු ‍පොත් ‍ගෙනයනවා ‍වෙනුවට අඟල් දහ‍යේ අයි පෑඩ් එකක් ලබාදී විෂය නි‍ර්දේශය ඒ තුළ අන්තර්ගත කරන්න අ‍පේක්ෂා කරනවා.

     

    ළමුන් 5,000 ට ‍කෝඩින් විෂයය උගන්වා‍ගෙන යනවා. අද විශාල පිරිසක් උත්සාහ ගන්නේ ‍කොළඹට පැමිණ දියුණු ‍වෙන්නයි. සබ්මැරීන් ‍කේබල් ‍දෙකක් අ‍පේ ර‍ටට එනවා. තවමත් ලංකා‍වේ අන්තර්ජාල ප්‍ර‍යෝජනයට ගන්නේ සියයට 30ක් තරම් සුළු පිරිසක්. ලංකා‍වේ ‍ටෙලි‍කොම් ආයතන පහක් ලංකා‍වේ ති‍බෙනවා. එයින් ‍දෙකක් තුනක් පමණයි ලාභ ලබන්නේ. මිනිසුන්ගේ අතරට ස්මාර්ට් ජංගම දුරකතන ප්‍රචලිත කරන්නට පියවර ගන්නවා. ශ්‍රී ලංකා‍වේ ‍‍ටෙලි‍කොම් සමාග‍මෙන් සියයට 47ක් මැ‍ලේසියානු සමාගමකටයි අයිති. ඒ ආයතනය සම්පූර්ණ‍යෙන්ම ආණ්ඩුවට අයිති නැහැ. 4,500ක් පමණ එහි වැඩ කරනවා‍. 2017 වස‍රේ දී ලංකාව උඩුයටිකුරු ‍වෙනවා. ආර්ථිකය ඩිජිටල්කරණය කරන්නට පියවර ගන්නවා. ලංකා‍වේ රැකියා නිර්මාණය වන සහ අ‍පේ රට ‍වෙනම දිශාවකට ගමන් කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya