නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපහසුතාවයකින් තොරව ජනතාවට සහල් මිලදී ගැනීම සඳහා අවශ්‍ය සහල් නිකුත් කරනවා

    දෙසැම්බර් 09, 2016

    පාරිභෝගික ජනතාවට ඉදිරියේ දී කිසිදු අපහසුතාවයකින් තොරව සහල් මිලදී ගැනීම සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණ ලබාදීමට කටයුතු කරන බව  ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ අමාත්‍යාංශ නිවේදනයක් ඉදිරිපත් කරමින්, රටේ වී සහ සහල් තොග සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමිනි.

     

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ අනුව  ලබන අප්‍රේල් මසය දක්ව වී තොග ප්‍රමාණවත් බව අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, පැවැති නියඟය හේතුවෙන් මෙවර වී අස්වැන්න සියයට 20%කින් පමණ අඩු වී විය හකි බවද පැවසීය.

     

    මේ තත්ත්වය හේතුවෙන් ක්‍රමක් ක්‍රමයෙන් වී තොග නිදහස් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා කීය.ඇතැම් ව්‍යාපාරිකයන් විසින් සහල් හිඟයක් මවා පෑමට කටයුතු කරමින් සිටින බවත් අවශ්‍ය වුවහොත් අත්‍යවශ්‍ය සහල් ආනයනය  කිරීමට කටයුතු කරන බවත් පැවසී ය.

    තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා, නත්තල් හා සිංහල අවුරුදු සමයේ දී අවශ්‍ය සහල් පාරිබෝගිකයන්ට ලබාදීමට කටයුතු කරන බවද, වී අලෙවිඅ මණ්ඩලය ,මඟින් විධිමත් ක්‍රමවේදයක් අනුව වී නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවද ටෙන්ඩර් පටිපාටිය අනුව සිදුවන බවත් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya