නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාට සිදු කර ඇති තර්ජනය ගැන පරීක්ෂණයක්

    දෙසැම්බර් 07, 2016

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාට සිදු කර ඇතැයි කියන තර්ජනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    මන්ත්‍රීවරයා විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින්, තමන්ට දුරකතන ඔස්සේ පරුෂ වචනයෙන් බැනවැදී, පවුලේ සියලු දෙනා මරා දමන බවට තර්ජනය කර තිබෙන බවත් ඒ පිළිබඳව වැලිකඩ පොලීසියට පමිණිල්ලක් කර තිබෙන බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේ ය.

    මතවාදීව මුහුණු දෙන්න බැරි අය මෙවැනි වැඩ කරන්නේ.අපිව එසේ බිය කර නවත්වන්නට බැහැ.මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස ද මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසා සිටියේ ය.


    මතුකළ පැනයට අවධානය යොමු කළ නියෝජ්‍ය කතානායකවරයා, පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවටත් ඉදිරිපත් කරනවා. පොලිස්පතිතුමා මාර්ගයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස නියෝග කරනවා යැයි පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya