නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමරිකාවේ උප ජනාධිපතිවරයාගෙන් ජනපතිට දුරකථන ඇමතුමක්

    දෙසැම්බර් 02, 2016

    ඇමරිකා එක්සත් ජනපදයට අලුතින් තේරී පත්වූ උප ජනාධිපති මයික් පෙන්ස් මහතාගෙන් ඊයේ (01) රාති‍්‍රයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත විශේෂ දුරකථන ඇමතුමක් ලබා දී තිබේ.

    ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා වෙනුවෙන් උප ජනාධිපතිවරයා වොෂින්ටන් නුවර සිට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඇමතූ අතර ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතාගේ නායකත්වයෙන් යුත් නව රජයට සිය සුබපැතුම් එක් කිරීමට ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළේය.

    දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම දුරකථන සංවාදයේ දී සාකච්ඡාවට ලක් විය.

    ශී‍්‍ර ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු නව රජයේ පූර්ණ සහාය ලබාදෙන බව පැවසූ උප ජනාධිපතිවරයා ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා සමඟ හමුවකට ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත ඇරයුම් කරනු ලැබීය.

    දෙරට අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාලන ක‍්‍රමය සහ භූගෝලීය තත්ත්වයන් අනුව ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියට ගෙන යාම දෙරටේම අරමුණයි.

    මුහුදු මාර්ග ආරක්ෂාව සහ ආපදා කළමනාකරණය පිළිබඳව ඇතිවිය හැකි ඉදිරි තත්ත්වයන් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

    එමෙන්ම ශ‍්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය මැඩලීමට ඇමරිකානු නව රජයේ සහාය ලබාදෙන ලෙස ද මෙහිදී ජනාධිපතිතුමා ඉල්ලීමක් සිදු කළේය.

    PMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya