අමාත්‍යවරයා මේ බව ප්‍රකශ කළේ, අද (02) පාර්ලිමේන්තුවේ දී කර්මාන්ත හා වණිජ කටයුතු අමත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි.
අපේ කර්මාන්තවල කළමණාකාරීත්වය නැගිට්ටවීමට කටයුතු කළ යුතුයි. කර්මාන්ත විනාශ වෙනකොට අපේ රටේ දේශීය කර්මාන්ත දියුණු කිරීමට යනවා නම්, එකිනෙකාට බැනවැදීමෙන් වැලකී නිසි කළමනාකාරීත්වයක් යටතට පත් කරන්න ඕන.
නිසි කළමනාකරණය දන්න ප්‍රධාන විධායකයින් පත් කළ යුතුයි, සමාගම්වලට. මේ පිළිබඳව තර්ක කිරීමට වඩා නිසි ක්‍රමවේදයක් නිර්මාණය කිරීමෙන් පමණයි, කර්මාන්ත ඉදිරියට යන්න පුළුවන්. රැක ගැනීමේ න්‍යාය ගෝලීය වෙළඳපොළට වඩා ඉදිරියට ඇවිත් තිබෙනවා. අපි කළමනාකරණ ක්‍රමවේදය වෙනස් කළ යුතු බව ද වෙනස් කර්මාන්ත ප්‍රතිපත්තිය ගෙන ගියොත් අපේ රටේ කර්මාන්ත දියුණු කළ හැකි යැයි ද අමාත්‍යවරය පැවසී ය.