මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩකරන ජනතාවගේ ශ්‍රම වටිනාකම තේරුම්ගෙන රජය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා

    නොවැම්බර් 30, 2016

    වැඩකරන ජනතාවගේ ශ්‍රම වටිනාකම තේරුම්ගෙන රජය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (30) පාර්ලිමේන්තුවේ දී කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    වැඩකරන ජනතාව වෙනුවෙන් වැදගත් තීරණ රාශියක් ගෙන තිබෙනවා. අපේ රටේ සමස්ත වැඩකරන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රධානතම අමාත්‍යාංශය වන්නේ, කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යාංශයයි.අපි සියලු දෙනාට මෙවර අයවැය සම්බන්ධව සෑහීමකට පත් විය හැකි ආකාරයේ සාර්ථක අයවැය ලේඛනයක් ඉදිරිපත් කර තිබෙනවා.

     

    පෞද්ගලික අංශයේ සේවකයන්ට අයවැය සහන දීමනා පනත යටතේ රුපියල් 2500ක වැටුප් වැඩිවීමක් ලබාදීමට අපට හැකි වුණා.එමෙන් ම ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් 10,000ක් බවට පත් කිරීමට හැකි වුණා.

     

    ලක්ෂ 895ක් වැය කරමින් ඉදිකරන ලද යාපනය දිස්ත්‍රික් කම්කරු කාර්යාල පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමට අපට හැකි වුණා.පසුගිය මාසයේ දකුණු පළාතේ බෙලි අත්ත ප්‍රදේශයේ ලක්ෂ 560ක් පමණ වැය කරමින් ඉදි කළ අංග සම්පූර්ණ කම්කරු කාර්යාලය ද වැඩ කරන ජනතාව සතු කිරීමට අපි කටයුතු කළා.

     

    රැකියා පොළ වැඩසටහන් දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වමින් එම කටයුත්ත තවත් සක්‍රීය කර තිබෙනවා.මෙම වර්ෂයේ රැකියා සේවය තුළ ලියාපදිංචි වී ඇති රැකියා අපේක්ෂිත ගණන 44,449ක්.මේ වසරේ තරුණ තරුණියන් 52,598ක්  රැකියා අපේක්ෂාවෙන් ලියාපදිංචි වී තිබෙනවා.ඉන් 12,569ක් මේ වනවිට පෞද්ගලික අංශයේ රැකියාගත කිරීමට අපට හැකි වී තිබෙනවා.

     

    සේවක අර්ථසාධක අරමුදල දකුණු ආසියාවේ ඇති විශාලතම සමාජ ආරක්ෂණ අරමුදලයි. එය මේ වනවිට රුපියල් බිලියන 1700 දක්වා වර්ධනය වී තිබෙනවා.2016 වසරේ මුල් මාස 10 තුළ  පමණක් සමාජිකයන් 52,863ක් ප්‍රතිලාභ ලබාගෙන තිබෙනවා.වතු කම්කරු වැටුප රුපියල් 110කින් වැඩි කිරීමට අපට පසුගිය දා හැකි වුණා.

     

    කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්මික සබඳතා අංශය මඟින්  පමණක් කාර්මික ආරවුල් 1506ක් විසඳීමට මේ වසර තුළ පියවර ගෙන තිබෙනවා. කම්කරු අමාත්‍යාංශය පුළුල් විෂය ක්ෂේත්‍රයක් ආවරණය කරන දීප ව්‍යාප්ත පරිපාලන ජාලයක් සහිත අමාත්‍යාංශයක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya