අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ සේවය නවීන ලෝකයට, නවීන වැඩපිළිවෙලට මුහුණ දීමට හැකි ලෙස ප්‍රතිසංවිධානය කරනවා

    නොවැම්බර් 30, 2016

    විදේශ සේවය නවීන ලෝකයට, නවීන වැඩපිළිවෙලට මුහුණ දීමට හැකි ආකාරයට ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

    අමත්‍යවරයා අද (30) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි.


    මුළු රටම මීට පෙර ජාත්‍යන්තර වශයෙන් කොන්වී කණගාටුදායක තත්ත්වයක් ඇති වී තිබුණේ. යුද්ධයෙන් පසුව ඇති වූ දේශපාලන වාතාවරණය නිසා ඒකාධිපතීත්වයට යටත්වෙලා, ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමයෙන් උදුරාගන්නකොට, යුද ජයග්‍රහනය හොරකම් වසන්කර ගැනීමේ දේශපාලන තිරයක් බවට පත් කරගත් නිසා දීර්ග කාලයක් තිස්සේ උරුම වූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැතිව ගියා.


    මේ නැති වූ සබඳතා ඉතා කෙටි කාලයක් තුළ, අපට ආපස්සට හරවන්න පුළුවන් වුණා. නිදහසින් පසු ලෝකයේ සෑම රටකම දොරවල් අපිට විවෘතව තිබුණේ. පසුගිය කාලය තුළ ඇති වූ තත්ත්වය නිසා සම්පූර්ණයෙන් ම රටක් ලෙස හුදකලා වුණා. රට තනි කරන්න මහින්ද රාජපක්ෂ අණ්ඩුව විදේශ සංචාර සඳහා පමණක්  විශාල මුදලක් වියදම් කර තිබෙනවා.

    හොරකම, මැරකම, ඒ කාලේ සාමාන්‍ය දෙයක් වෙලා විහේශ සේවාව පවුලේ වහල් සේවයක් බවට පත් කර ගෙන තිබුණා. ඥාතීන් , සුදුසුකමක් නැතිව, ප්‍රබල රටවල්වලට පත් කළා.
    ඒ ගැන කතා කරන්නේ නෑ. විශාල පරීක්ෂණ ප්‍රමාණයක් පැවැත්වෙනවා.මෙවැනි තත්ත්වයක් තිබුණේ.

     

    විදේශ ප්‍රතිපත්තිය  එදා තීන්දු කළේ, විදේශ අමාත්‍යාංශයෙන් නොවෙයි. අපි අතීතයේ වැරදි අපි හොයන්න ඕන. අපිට පුළුවන් වුණා, යළි කණපිට හරවන්න.  උරුම රාජ්‍ය තාන්ත්‍රික තත්ත්වය ඉතාම කෙටි කාලයකදි ඉරටට නැවත ලබාගෙන තිබෙනවා. අද අපිට සක්‍රීය ලෝකය පිළිගත් අගමැතිවරයෙක් ඉන්නවා.

    මේ රටේ රැකී රක්ෂා දහස් ගණනාවක් අහිමි කළ ජී.එස්. පී සහනය නැවත ලබාදීමට  කටයුතු කර තිබෙනවා. ධීවර පවුල් ලක්ෂ ගණනාවක් අනාථවෙලා සිටියේ. එය පසුගිය කාලයේ යළි ලබාගෙන තිබෙනවා. කවදාවත් නොමැති ලෙස රාජ්‍ය නායකයන් විදේශ ඇමැතිවරු ශ්‍රී ලංකාවට ආවා. විදේශ ප්‍රතිපත්තියේ නිවැරැදිකම නිසයි.


    පලස්තීනය සමඟ එදාටත් වඩා හොඳ සබදතාවයක් තිබෙනවා. විදේශ ප්‍රතිපත්තියේ වෙනසක් නෑ.  හැම දේම කරන්න, ශක්තිමත් විදේශ සේවයක් අවශ්‍යයි. අද විදේශ සේවයේ නිලධාරීන්

    වුවමනාවෙන් කටයුතු කරනවා. විදේශ සේවයම නවීන ලෝකයට නවීන වැඩපිළිවෙලට මුහුණ දෙන්න පුළුවන් ආකාරයට ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කර තිබෙනවා. සිංගප්පූරුව රජය සමඟ  මේ නවීකරණය සඳහා වැඩමුළු පවත්වාගෙන  යනවා.

     

    ඉතියෝපියාවේ අලුත් තානාපති කාර්යාලයක් විවෘත කරනවා. අපේ ආයතනවල කාර්යක්ෂමතාව සොයා බලන්න,අඩු පාඩු පරීක්ෂා කරන්න ඉන්ස්පෙක්ටර් ජනරල්වරු තිදෙනෙක් පත් කරන්නට බලාපොරොත්තු වෙනවා. විදේශ සේවයේ වැඩකරන අය වැඩි කර තිබෙනවා. පේදුරු තුඩුවේ හා දෙව්න්දර තුඩුවේ කොන්සියුලර් කර්යාල දෙකක්  විවෘත කරන්න කටයුතු කරමින් ඉන්නවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.


    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya