මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට විශාල කාර්යභාරයක් සිදු කරනවා

    නොවැම්බර් 30, 2016

    මහජනතාවගෙන් ලැබෙන පෙත්සම් සම්බන්ධයෙන් මහජනතාවට සාධාරණයක් ඉටු කිරීමට විශාල කාර්යභාරයක් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් සිදු කරන බව මහජන පෙත්සම්  කාරක සභාවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

    මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් ජනතාව ඉදිරිපත් කර තිබෙන මහජන පෙත්සම් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (30) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    මහජනතාවගෙන් ලැබෙන පෙත්සම් සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් සිදු කරනවා. මහජනතාවට සිදු වන යම්යම් අසාධාරණයන් සම්බන්ධයෙන් තීත්‍යාණුකූලව බලා, ඊට  නීත්‍යාණූකූල  සහනයක් ලබාදීමට කටයුතු කරනවා.

    අවුරුදු දෙක හමරක කාල සීමාව තුළ පෙත්සම් 1406ක් ලැබී තිබුණා. ඉතාමත් කෙටි කාලයක් තුළ වෙහෙස මහන්සිවෙලා, ප්‍රශ්නවලට මුහුණ දී සිටින ජනතාවට ඉතාමත් සාධාරණයක් ඉටු කරන්නට විශාල කාර්යභාරයක් සිදු කරනවා.

    පෙත්සම් කාරක සභවේ නිලධාරීන් වෙහෙස මහන්සි වී  කරුණු සොයා බලනව. සාධරණ පැමිණිල්ලක් ද කියා බලනවා. අපි සහනය ලබාදෙන්නේ නීත්‍යානුකූලව පමණයි. අසාධරණයක් පෙනුන පමණින් නිර්දේශ ලබාදෙන්නේ නෑ.දෙපිරිසගේම ගරුත්වය ආරක්ෂා වන ලෙස  කාරක සභාව පෙත්සම් කරුට සහන ලබාදීමට කටයුතු කරනවා. පෙත්සම් 15කට සහන ලබාදී තිබෙනවා. වැඩි ප්‍රමාණයකට නිර්දේශ ලබාදී තිබෙනවා. නිලධාරීන්ගේ එකඟතාවය  මත සාකච්ඡා කර සමතයකට පත් වන අවස්ථා තිබෙනවා.

    19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථව අනුව අපිට යම් බලයක් ලැබී තිබෙනවා, මැතිවරණ කොමිෂන් සභාව හැර අනෙක් කොමිෂන් සභා, රාජයේ නිලධරීන් කැදවන්නට.  කාරක සභාවේ මන්ත්‍රීවරු සියලු වැඩ පසෙකලා, ජනතා සේවයක් ඉටු කිරීම සම්බන්ධයෙන් අගය කළ යුතුයි.පෙත්සම් කාරක සභවේ මන්ත්‍රීවරු ලබාදෙන ශක්තිය නිසා  ජනතාවට, සේවකයන්ට මානසික සහනයක් ලැබෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya