අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බඩ ඉරිඟු වගාවට ගොවීන් දිරිගැන්වීමේ වැඩසටහනක්

    නොවැම්බර් 30, 2016

    මෙරට බඩ ඉරිඟු වගාව ව්‍යාප්ත කිරීම සඳහා ගොවීන් දිරිගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බව කෘෂිකර්ම රජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා අද (30) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    රාජ්‍ය අමාත්‍යවරයා  මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා වැඩි වශයෙන් බඩ ඉරිඟු අවශ්‍යතාවයක් දැන් පැන නැගී ඇත. එමෙන් ම ත්‍රීපෝෂ නිපදවීම සඳහා වසරකට මෙක්ට්‍රික් ටොන් 20,000ක ප්‍රමාණයක් අවශ්‍ය වෙයි. එම නිසා වසරකට බඩ ඉරිඟු මෙක්ට්‍රික් ටොන් 68,000ක් පනයනය කිරීමට සිදුව ඇතැයි අමාත්‍යවරයා පැවසී ය.

    වසර 2014 දී මෙරට බඩ ඉරිඟු නිෂ්පාදනය මෙක්ට්‍රික් ටොන් 24100ක් වූ අතර  2015 වසරේ එය මෙක්ට්‍රික් ටොන් 26100ක් විය. 2015 වසරේ බඩ ඉරිඟු වග කළ භූමි ප්‍රමාණයක හෙක්ටයාර් 69971කි. මෙරට සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාර් 1කට මෙක්ට්‍රික් ටොන් 3.73කි.

    මෙරට කුරක්කන් වගා කරන ගොවියා රැක ගැනීමේ ක්‍රමවේදයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දියත් කොට ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya