මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුහුණු ශ්‍රමිකයන් විදේශ ගතකර වැඩි විදේශ විනිමයක් රටට ගැනීම බලාපොරොත්තුවයි

    නොවැම්බර් 30, 2016

    පුහුණු ශ්‍රමිකයන් විදේශ ගතකර වැඩි වැටුපක් ගෙන විදේශ විනිමයක් රටට ගැනීම බලාපොරොත්තු වන බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා, මේ බව අද (30) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, විදේශ රැකියා අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි.


    සෑම තැනම අවධානයට ලක්වන්නේ කාන්තාවන් විදේශ රැකියා සඳහා යෑම සම්බන්ධයෙන්. වැඩි චෝදනා එල්ල වන්නෙත් මේ ක්ෂේත්‍රයටයි. එදාට වඩා අද සාපේක්ෂව පිරිමි පාර්ශවය විදේශ ගත වීම ඉදිරියට සිද්ධ වෙනවා. ගෘහ සේවිකාවන් යැවීම 9.3%කින් පහළ වැටි තිබෙනවා. කාන්තාවන් ගෘහ සේවයට පිටරට යැවීම සීමා කරල, නතර කිරීම තැනට යෑම තමයි සිදු වෙන්නේ. සාධණීය ලක්ෂණයක්. සාමාජීය වශයෙන් හොඳ ලක්ෂණයක්.

     

    සමස්ත කාන්තා ශ්‍රමිකයන් විදේශ ගත වීම 7.39%කින් අඩු වී තිබෙනවා. පිරිමි රට යෑම ප්‍රතිශතය වැඩි වී තිබෙනවා. ඉදිරියේ දී විදේශගත වීම් සිදු වෙනවා නම්, පුහුණු ශ්‍රමිකයන් විදේශ ගත කර වැඩි වැටුපක් අරගෙන විදේශ විනිමයක් රටට ගැනීමයි බලාපොරොත්තු වන්නේ.

     

    වයස අවුරුදු 5ට අඩු දරුවන් ඉන්න කාන්තාවන් පිටරට කිසිසේත් යවන්නේ නෑ. ඉතිහාසයේ එසේ සිදු වුණේ නෑ. සමාජ ප්‍රශ්න නිර්මාණය වුණා. අපි කල්පනා කළ යුතුයි, අපේ ඉලක්කය හා අරමුණ පිළිබඳව. මේ රටේ ශ්‍රම වෙළඳපොළ සඳහා අවශ්‍ය කරන ශ්‍රම බලකාය මේ රටේ ම රැක ගන්නා ගමන් අඩු මුදලට විදේශ ගත වීම වළක්වා වැඩි මුදලට රැකියාවල නිරත කරවන්න හැකි නම් සාධණීය වේවි යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya