නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සූර්යය බලාගාර හැටක් ඉදිකිරීමට කටයුතු කරනවා

    නොවැම්බර් 29, 2016

    මෙගාවෝට් එක බැගින් වූ සූර්යය බලාගාර හැටක් ඉදිකිරීමට කටයුතු කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් අද (29) පාර්ලිමේන්තුවේ දී විමසූ වාචික පැනයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    සියඹලාණ්ඩුවේ මෙගාවෝට් 100ක සූර්යය බලාගරයක් ඉදිකිරීමටද පියවර ගැනෙන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා, ඊළඟ පියවරේ දී සුළං සහ සූර්යය බලය තුළ දැවැන්ත විදුලිය ලබාගැනීමට හකියාව ලබෙන බව පැවසී ය.

    වසර 2020 දී  වහලය මත සවි කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර මෙගා වෝට් 200 සූර්යය බලය සහ වසර 2025 දී මෙගාවෝට් 1000ක සූර්යයබල උද්‍යානය පිහිටුවීමට කටයුතු කරන බවත් වැඩි විදුලි ප්‍රමාණය ජාතික තලයට එක් කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරය ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya