සෞඛ්‍යමත් දිවිපෙවෙතක් පිළිබඳව, පාසල් දරුවන් බල ගැන්වීම තුළින් සමාජීය සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා නායකත්වය ගන්නා නියමු දරුවන් බිහි කිරීමේ අරමුණෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.
දීප ව්‍යාප්ත මට්ටමින් පාසල් දරුවන් වෙත සෞඛ්‍ය ප්‍රවර්ධන සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. ජනාධිපතිතුමා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධකි‍්‍රෂ්නන්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය මොහොමඞ් කාසීම් යන මහත්වරුන් ද සෞඛ්‍ය අමත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතා ඇතුළු රාජ්‍ය නිළධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.