තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා ශී්ර ලංකාවේ කියුබානු තානාපතිනි Juana Elena Ramos Rodriguez මහත්මිය විසින් පිළිගනු ලැබුවාය.
ලොව පුරා විප්ලවවාදීන්ගේ මෙන් ම සාධාරණ ලෝකයක් පිළිබඳ සිහින දුටු ජනතාවගේ වීරයෙකු වූ අසහාය ජන නායකයාගේ නික්ම යාම වෙනුවෙන් කියුබානු තානාපතිවරිය වෙත ද සිය ශෝකය පළ කළ ජනාධිපතිතුමා තානාපතිවරිය සමග සුහද කථා බහක ද නිරත විය.