‘ගජමෑන්’ ‘දැක්කොත් පද්මාවතී’ ‘තෙපානිස්’ ‘ගොඞ්ඩින් අයියා’ ‘දොං සේතං’ ‘මගෝඩිස්තුමා’ ‘ටික්කා’ ‘සිරිබිරිස්’ ‘ස්විටි’ ‘මිස්ට ලවාරිස්’ තේමා යටතේ කැමිලස් පෙරේරා මහතා විසින් නිර්මාණය කළ, ජනාදරයට පාත්‍ර වූ කාටුන් චිත්‍ර 250 කින් පමණ මෙම ප්‍රදර්ශනය සමන්විත වේ.
ප්‍රදර්ශනය අද (26) සහ හෙට (27) දෙදින පෙරවරු 9.00 සිට පස්වරු 8.00 දක්වා රසික රසිකාවියන්ට විවෘතය.
අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, දයාසිරි ජයසේකර, පී. හැරිසන් යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද, කැමිලස් පෙරේරා මහතාගේ රසික රසිකාවියන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.