නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කම්කරු දෙපාර්තමේන්තුව කුමන ලෙසකින්වත් අඩාළ වී නෑ - අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න

    නොවැම්බර් 26, 2016

    කම්කරු නිලධාරීන්ගේ ප්‍රශ්නය විසඳීම ගත හැකි සෑම පියවරක් ම ගන්නා බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා අද (26) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.


    කම්කරු දෙපාර්තමේන්තුව කුමන ලෙසකින්වත් අඩාළ වී නැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    රාජ්‍ය සේවා කම්කරු නිලධාරී සංගමය විසින් පළමු වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර එය සාකච්ඡා වාර කීපයකින් පසු එකඟතවයෙන් අවසන් වුණා. එම එකඟතාවය අනුව සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට අනුමැතිය ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළ අතර සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කරන ලද බවද අමාත්‍යවරයා පැවසී ය.

     

    වැඩවර්ජනයට සහභගී වූ නිලධාරීන්ට අදාළ දින සියල්ල සඳහා වැටුප් ගෙවීම් හා එම දින ගණන  නිලධාරීන්ට හිමි නිවාඩුවලින් අඩු කරගැනීම යන සහන ලබාදීමට අමාත්‍යාංශය විසින් කටයුතු කළ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර විශේෂ සහන සහිත යෝජනා, සේවා ව්‍යවස්ථා කෙටුම්පත සෑදීමට පත් කළ කමිටුවෙන් ලබාගෙන වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව වෙත හා මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව ද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya