අමාත්‍යවරයා අද (16) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය 2017 දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි
බදු ආදායම පිළිබඳව විවිධ කෝණයෙන් කතා කරන්න පුළුවන්. අපට අවශ්‍ය වී තිබෙන්නේ රජයක් හැටියට අපේ දරුවන්ට පරිගණක සාක්ෂරතාව, දැනුම වර්ධනය කිරීම, ටැබ් ලබාදීම විවිධ ආකාරයෙක් කතා කරන්න පුළුවන්.
අපි බදු කපා හැර අයවැය තුලනය කර ගන්නේ? සතුටු වෙනවා, අයවැය හිඟය අඩු කරගෙන තිබෙනවා. දඬ මුදල් අපි දකින්නේ සමාජය මඟ පෙන්වීමට වූ අයවැයේ ක්‍රියාකාරකම් හැටියටයි.රුපියල් 2500 දඬය නියම කළාම, විවිධ තත්ත්වයන් දැක්කා. ඒක දෙසත් විවිධ මත ගොඩනගන්න පුළුවන්. සියලු අභියෝගයන්ට මුහුණ දෙමින් මේ අයවැය සකස් කරන්නට සිදු වී තිබෙන්නේ.
මේ අයවැය ලේඛනයෙන් සමාජයේ සෑම කොටසක් කෙරෙහිව අවධානය යොමු වී තිබෙනවා.අපිට අවශ්‍ය වී තිබුණා සූර්යාලෝක පද්ධති රට පුරා ගෙනියන්න. වහලවල් ලක්ෂ 10ක සූර්ය පැනල සවිකරන්න. අයවැයෙන් මිලියන 1500ක් වෙන් කර තිබෙනවා. ණය ක්‍රමයක් නම් කර තිබෙනවා ඒ සඳහා.රාජ්‍ය ගොඩනැගිළි සියල්ල ඉදිරියේ දී සූර්ය බලශක්තිය උපයෝගී කරගන්නා,ස්ථාන බවට පත් කරන්න,ආරම්භයේ දි මිලියන 350ක් වෙන් කර තිබෙනවා. රාජ්‍ය ගොඩනැගිළි සියල්ල ඉදිරියේ දී සූර්ය බලශක්තිය උපයෝගී කරගන්නා,ස්ථාන බවට පත් කරන්න,ආරම්භයේ දි මිලියන 350ක් වෙන් කර තිබෙනවා යැයි අමාත්‍යවරයා පැවසී ය.