අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය 2017 දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.
සංචාරක කර්මාන්තය දියුණු කිරීමට යටිතල පහසුකම් වර්ධනය කිරීමට රටේ සංවර්ධනය දියුණු කිරීමට දායක වෙනවා. සංචාරක කර්මාන්තය නිවැරදි දිශානතියට ගමන් කිරීමට මුදල් වෙන් කර තිබෙනවා. අයවැය තුළින් උතුරු පළාත්වලට නොයෙක් ප්‍රතිපාදන වෙන් කරමින් කටයුතු කරනවා. අයවැය තුළින් කෘෂිකර්මික තත්ත්වය ඉහළ ප්‍රතිලාභ ලබන වානිජ කෘෂිකර්මයට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
පැහැදිළි ඉඩම් ප්‍රතිපත්තියක් හදුන්වා දී තිබෙනවා. රාජ්‍ය ඉඩම් බැංකුවක් අරඹා අනාගත සංවර්ධනයට භාවිත කරන්න. පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. නිවාස ලක්ෂ පහක් ඉදි කිරීමට ණය ලබාදෙනවා. පවුල්වලට නොමිලේ සෞඛ්‍ය පහසුකක් ලබාදීමට අවධානය යොමු කර තිබෙනවා. තවත් අයවැය තුළ ඇතුළත් වෙනවා, අධ්‍යාපනය වැඩි දියුණු කරන යෝජනා.රටේ සිසුන්ට නොමිලේ පරිගණක ලබාදීම, තොරතුරු තාක්ෂණය දියුණු කිරීම,රැකියා වෙළඳපොළට අවශ්‍ය ලෙස සූදානම් කිරීමට කටයුතු කරනවායැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.