නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනාගත පරම්පරාව වෙනුවෙන් ඉදිරිපත් කළ රාජ්‍ය තාන්ත්‍රික අයවැයක් - ණය බරෙන් ජනතාව මුදවා ගන්නා අයවැයක්

    නොවැම්බර් 16, 2016

    අනාගත පරම්පරාව ගැන සිතා රාජ්‍ය තාන්ත්‍රික අයවැයක් මෙවර හදලා තිබෙනවා. මේ රටේ ඉදිරිය බලා පරම්පරාව දෙස බලා සකස් කළ අයවැයක්. රාජපක්ෂ පාලනයේ සුදු අලි ව්‍යාපෘති සඳහා අසීමිතව ගත් ණය බර නිසා එම ණය බරෙන් ජනතාව මුදවා ගැනීමට අයවැයෙන් ඉදිරි දැක්මක් ඉදිරිපත් කර තිබෙනවා යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (16)පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය 2017 දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි

     

    තවදුරටත් විවාදයේ දී අඳහස් දැක්වූ අමාත්‍යවරයා,

    මෙවර අයවැයට එකාබද්ධ කුඩා කල්ලිය ඇල් මැරුණ ලෙස විවාදයට සම්බන්ධ වෙනවා. ගියවර තම පාක්ෂිකයන් මුලා කිරීමට පුරසාරම් දෙඩෙව්වා. මේ ආණ්ඩුවට දෙවැනි අයවැයක්ඉදිරිපත් කරන්න ඉඩ දෙන්නේ නෑ කිව්වා. අපේ අති සාර්ථක දෙවැනි අයවැයෙ දි 2018 ,2019, 2020 අපේ අයවැයත් ඉදිරිපත් කරනවා.


    අයවැය හදනකොට ප්‍රධාන පක්ෂ දෙක පිපිරීමක් වෙයි කියලා හිතුවා. අපි එකමුතුකමින් එක මතයක සිට අයවැය ඉදිරිපත් කළා. ඒ අයගේ මොණර නැටුම නැත්තටම නැති වුණා.ඩීසල් පෙට්ට්‍රල් , අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු කළ, තොරතුරු දැනගැනීමේ පනත ,ඖෂධ පනත, ස්වාධීන කොමිෂන් පිහිටුවනු ලැබූ, මාධ්‍ය නිදහස ඇති කළ ආණ්ඩුවක්. අපේ රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක් වැඩි කළා.

     

    සුබසාධන වියදම්වලට විශාල මුදලක් වෙන් කර තිබෙනවා. මෙවර බිලියන 183 දක්වා වැඩි කර තිබෙනවා. ආබාධිත සොල්දාඳුවන්ට බිලියන 34ක් ,බිලියන 10ක් ම වැඩි කරලා,ආබාධිත රණවිරුවන් ඉදිරියට දාගෙන බලය ලබාගන්න මාන බලන දේශපාලන පිරිසට මේ රජය ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා. බිලියන 40ක් නිදහස් සෞඛ්‍ය සේවයට, දරුවන්ගේ පෙළපොත්වලට බිලියන 4ක්. දැවැන්ත මුදල් කන්දරාවක් වෙන් කළ  අයවැයක්.

    රාජපක්ෂ පාලනයේ සුදු අලි ව්‍යාපෘති තුළින්  අසීමිත ණය බරක් අරගෙන, එම ණය බරෙන් ජනතාව මුදවා ගැනීමට අයවැයෙන් ඉදිරි දැක්මක් ඉදිරිපත් කර තිබෙනවා. උසස් අධ්‍යාපනය වෙනුවෙන්, ඉතිහාසයේ වැඩිම කාර්යභාරයක් ඉටු කළ පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි.

    අපේ සමාරම්භක නායකයෙකු වූ කන්නන්ගර මැතිතුමා, නිදහස් අධ්‍යාපනය ලබාදුන්නා.  දිවාආහාරය, නිලඇදුම් ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂයයි. සැම පාසල් දරුවෙකුටම ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් ලබාදීම නරක ද? විශ්වවිද්‍යාල ප්‍රවේශය වැඩි කරන්න ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. ලබන වසරේ නේවාසිකාගාර හදන්න මුදල් වෙන් කර තිබෙනවා. 33600කට නේවාසිකාගාර පහසුකම් හිමිවෙනවා. උතුරේ දරුවන්ටත් ඉන්ජිනේරු පීඨයක් හදන්න මුදල් වෙන් කර තිබෙනවා. තාක්ෂණ වේදී උපාධි  පාඨමාලා ආරම්භ කරන්න යෝජනා කර තිබෙනවා. වයඹ වෛද්‍ය පීඨය ආරම්භ කරන්නත් මේ අයවැයෙන් කටයුතු කර තිබෙනවා.

     

    මේ රටේ ඉදිරිය බලපු පරම්පරාව දෙස බලා සකස් කළ අයවැයක්. සියල්ලම කරන්නේ රෝගී ආර්ථිකයක් සහිත රටකයි. එය නොදන්නවා වගේ සිල්ලර ප්‍රශ්න අහනවා. අපේ රටේ දවසකට ජීවිත අටක් දහයක් අහිමි වෙනවා. මාර්ග ත්‍රස්තවාදයක් වෙලා. බීමත්ව රිය පැදෙව්වාම, 2500ක දඬයක් දාම ඒ ගැන කතා කරනවා. අහිමිවන ජීවිත ගැන කතා කරන්නේ නෑ.දේශපලඥයකු බලන්නේ ඊළඟ මතිවරණය දිනන්නේ කියලා. රාජ්‍ය තාන්ත්‍රිකයා බලන්නේ රට දිනවන්නේ කොහොමද  කියලා. අනාගත පරම්පරාව ගැන හිතලා රාජ්‍ය තාන්ත්‍රික අයවැයක් මෙවර හදලා තිබෙන්නේ. අමරදේව සංගීත අසපුවට මුදල් වෙන් කර තිබෙනවා. ඒ කටයුතු අවසන් කරනවා. තොරතුරු දැනගැනීමේ පනත පෙබරවාරී සිට ක්‍රියාත්මක වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය,

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya