ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය රාජ්‍ය නායකයින් සමග සාකච්ඡාවනට එක් වන වික්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවේ මෙහෙයවීමෙන් ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දීය ආර්ථික සමුළුවට ද සහභාගි වනු ඇත.
ඉන්දියාවට පැමිණි අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබූයේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයි. කේ. සිංහා මහතා, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් විසිනි.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද අග්‍රාමාත්‍යවරයා සමඟ නවදිල්ලි නුවරට පැමිණි අතර, විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් ද මෙම සංචාරයට එක්වීමට නියමිතය.