ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් අදාළ නියෝග විවාදය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
රටට අපනයන ගෙන ඒම ප්‍රධාන බලාපොරොත්තුවක් බව කී අමාත්‍යවරයා, ඊට පෙර රටේ යහපාලන අත්තිවාරම දැමීමට අවශ්‍ය වූ බවත් ඉදිරියේ දී අපනයනය වැඩි කරගැනීමට අවශ්‍ය කටයුතු කරන බවත් රටේ ජනතාවට හොඳින් ජීවත් විය හැකි රටක් ගොඩනගන බවත් පැවසී ය.
රබර් අපනයන සඳහා සෙස් බද්ද අඩු කිරීමට අප කටයුතු කරනවා. ගව ඝාතනය අඩු කිරිම සඳහා ගව මස් ආනයන කිරීමට අදාළ සෙස් බද්ද අඩු කිරීමටත් පානීය බීම වර්ග ආනායන කිරීමේදී අදාළ සෙස් බද්ද සංශෝධනය කිරීම, දුම්‍කොළ නිෂ්පාදන හා දුම්කොළ ආනයනයේදී සෙස් බද්ද සංශෝධනයටත් පියවර ගන්න මෙම නියෝග ගෙන එනු ලැබුවා. පසුගිය ඇති වුණ ගංවතුර නිසා විශාල පාඩුවක් සිදු වුණා. ඒ නිසා කර්මාන්ත ශාලා විනාශ වුණා. ඒ නිසා මාස කිහිපයකට පැණිබීම ආනයනය කිරිමට යම්කිසි කාලයකට අවස්ථාව ලබාදුන්නා. දුම්පාපනය අවම කිරිම අප ඉදිරිපත් වෙලා එම ක්‍රමවේදයන් හඳුන්වාදීමට මෙහිදී යෝජනා කර තිබෙන බවද අමාත්‍යවරයා පැවසී ය.