රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මතුකරන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (04) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේය.
දායක විශ්‍රාම වැටුප ක්‍රියාත්මක කිරීමට අදාළ පනත් කෙටුම්පත් කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එන බව කී අමාත්‍යවරයා, දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ඉන්දියාව, ජපානය, යුරෝපා රටවල් ඇතුළු බොහෝ රටවල ක්‍රියාත්මක වන බවත් පැවසීය.
රාජ්‍ය සේවකයාට හිමි විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් විවිධ මත ප්‍රකාශ වුවද විශ්‍රාම වැටුප කප්පාදු කිරීමට කිසිදු අඳහසක් නොමැති බවත් එය විධිමත්ව පවත්වාගෙන යාම රජයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා පැවසීය.