උපකුලපතිවරුන් සහ මණ්ඩපාධිපතිවරුන් වෙත විශිෂ්ටතා සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමාගේ සුරතින් සිදු විය.
විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා දිරිමත් කිරීමක් ද මෙමගින් අපේක්ෂා කරන අතර තෝරාගත් විෂය ධාරාවන් 6ක් ඔස්සේ මෙම විශිෂ්ටතා සම්මාන පිරිනැමීම සිදු විය.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, මොහාන්ලාල් ග්‍රේරු, විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මොහාන් ද සිල්වා, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩී.සී දිසානායක යන මහත්වරුන් ඇතුළු විද්වත් පිරිසක් සහභාගී වූහ.