නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඇමරිකාව බලා පිටත්ව යයි

    සැප්තැම්බර් 18, 2016

    එක්සත්  ජාතීන්ගේ සංවිධානයේ 71 වන මහා මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද (18) පෙරවරුවේ ඇමරිකාවේ නිව්යෝක් නුවර බලා පිටත්ව ගියේය.

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් එමිරේට්ස් 651 දරන ගුවන් යානයෙන් අද පෙරවරු 10.45 ට පමණ ජනාධිපතිතුමා නිව්යෝක් නුවර බලා පිටත්විය.

    මෙම සැසිය හෙට (19) සිට ලබන 23 දක්වා පැවැත්වෙන අතර ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා 21 වන දින සමුළුව ඇමතීමට නියමිතය.

    මෙම සැසිය ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතන දෙවන අවස්ථාව වන අතර වත්මන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතාගේ අවසන් මහා මණ්ඩල සැසිය ද වේ.

    ජනාධිපතිතුමා සමඟ අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, නිමල් සිරිපාල ද සිල්වා, අර්ජුණ රණතුංග, ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාලක කොලොන්නේ මහතා ඇතුළු පිරිසක් ද නිව්යෝක් බලා පිටත්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya