ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ නව අධ්‍යාපන ක‍්‍රම, නව විශ්වවිද්‍යාල සහ විවිධ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත‍්‍රයන් හ`දුන්වාදීමෙන් රජය අපේක්ෂා කරන්නේ එම අරමුණ ජය ගැනීම බවයි.
මාළඹේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේ පැවති "දිරියෙන් නැගිටින දැයේ කාන්තාවන්ට අපෙන් අත්වැලක්" වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා ඊයේ (17) මේ බව සඳහන් කළේය.
දිරිය කතුන් සඳහා ස්වයං රැකියා හඳුන්වාදීමට ජාත්‍යන්තර වෙළෙ`ද රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ සංකල්පයක් මත මෙම වැඩසටහන දියත් කර තිබේ.
එම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ අද අපේ රටේ ආර්ථිකයේ ප‍්‍රධානම ව්‍යුහාත්මක බලවේගය බවට පත්ව ඇත්තේ කාන්තාවන්ගේ ශක්තිය බවයි.
නමුත් එම දායකත්වය ලැබෙන්නේ දැනුමෙන් නොව ශ‍්‍රමයෙන් වීම රටක් වශයෙන් අප මුහුණදී තිබෙන ඛේදනීය තත්ත්වයක් බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා රටක් සහ ජාතියක් ලෙස අප ඉදිරියට යා යුත්තේ දැනුම පදනම කර ගනිමින් බව ද සඳහන් කළේය.
දැනුමෙන් සන්නද්ධ වූ ආර්ථිකයක් කරා රට ගෙන යාමේදි සියලු දේශීය කර්මාන්ත සඳහා නව තාක්ෂණ මෙවලම් හඳුන්වාදීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
සමාජීය වශයෙන් කාන්තාවන්ගේ, මව්වරුන්ගේ මෙන්ම දියණිවරුන්ගේ ආරක්ෂාව සහ රැකවරණයත්, සුබසාධනයත් වෙනුවෙන් රජයක් ලෙස උපරිමයෙන් කටයුතු කරන බවද ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේය.
හේමා පේ‍්‍රමදාස මැතිණියද, රෝසි සේනානායක මහත්මිය ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.