නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැරිස් ගිවිසුම අපරානුමත කිරීම - ගෝලීය දේශගුණික කථිකාවක් ගොඩනැඟීම සඳහා වන නව ප්‍රවේශයක්

    සැප්තැම්බර් 09, 2016

    පැරිස් ගිවිසුම අපරානුමත කිරීම, ගෝලීය දේශගුණික කථිකාවක් ගොඩනැඟීම සඳහා වන නව ප්‍රවේශයක් බවත් දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට අවශ්‍ය වූ ගෝලීය උත්සහායට දායකවීම මඟින් ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන මාවතක ප්‍රධාන තැනක් ගන්නා බවත් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.


    අමාත්‍යවරයා  අද (09) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පැරිස් ගිවිසුම අපරානුමත කිරීමේ විවාදයේ අඳහස් දක්වමිනි.

    1992 මැයි 09 වැනි දින නිව්යෝර්ක් හී දී පිළිගන්නා ලද දේශගුණික වෙනස්වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය සඳහා වූ  ඉදිරිපත් කරන ලද පැරිස් ගිවිසුම අපරානුමත කිරීම අනුමත කිරීම පිණිස විවාදය පැවැත්විණි.

     

    විවාදයේ දී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා, එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතියේ පාර්ශව කරුවන්ගේ 20 වන සැසිවාරය ප්‍රංශයේ දී පැවතුණා. මෙම ගිවිසුම අහිතකර දේශගුණික විපර්යාසවලින් වන බලපෑමෙන් මිහිකත මුදවා ගනිමින් කාබන් විමෝචනය අවම තිරසාර අනාගතයක් සඳහා අවශ්‍ය වන්නා වූ ආයෝජන හා ක්‍රියාමාර්ග සීග්‍රයෙන් ගොඩනැගීම සඳහා වූ සන්ධිස්ථානයක්.ගෝලීය දේශගුණික කථිකාවතක් ගොඩනැඟීම සඳහා වන නව ප්‍රවේශයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්.


    මේ ගිවිසුමේ මූලික අරමුණු කරුණු දෙකක් ඔස්සේ පෙන්වා දෙන්නට පුළුවන්. පූර්ව කාර්මීකරණයට සාපේක්ෂව ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය වැඩිවීම,සෙන්ටිග්‍රේට් අංශක 2ට වඩා අඩුවෙන් පවත්වාගෙන යාම එහි පළමු වැන්න වන අතර එය 1.5 ඉක්මවා නොයෑම සඳහා උත්සහ කිරීම,දෙවැන්න ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්.

    දේශගුණික විපර්යාසවල බලපෑම සහ එහි අවධානම සැලකිය යුතු අඩු කිරීම ඒ මාර්ගයෙන් බලාපොරොත්තු වෙනවා.එම අරමුණු පදනම් වූ ඉලක්ක පැරිස් සමුළුවේ දී හඳුනාගෙන තිබෙනවා.දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගෝලීය ප්‍රජාවගේ හැකියාව ශක්තිමත් කිරීම ඒ අතුරින් ප්‍රමුඛ ඉලක්කයක්.

    ඊට ළඟාවීම සඳහා මූල්‍ය, තාක්ෂණය හා ධාරිතා සංවර්ධනය ස්ථාපිත කළ යුතු වෙනවා.ශ්‍රී ලංකාව ඇතුළු දේශගුණික විපර්යාසවල අවධානමට ලක්ව ඇති සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙම ඉලක්ක  සාර්ථ්ක කරගැනීම සඳහා සහාය දීම කළ යුතුයි.

     

    2016 වසරේ ශ්‍රී ලංකාව මේ ගිවිසුමට අත්සන් කළේ,සමාජික රටවල් 178ක් සමඟ මෙම ගිවිසුම  බලාත්මක කිරීමට ආසන්නව රටවල් 55ක් ගිවිසුම අපරානුමත  කළ යුතු වෙනවා. ඉහත එකඟතාවය මත රටවල් ගෝලීය උණුසුම පාලනය කිරීම,දේශීයව තීරණය කළ දායකත්වය,ප්‍රකාශයට පත් කළ යුතු වෙනවා.

     

    ගෝලීය උණුසුම වැඩිවීමට දායකවන හරිතාගාර වායු විමෝචනය,සිදුවන ආංශික ක්ෂේත්‍ර අතරින් බලශක්තිය,ප්‍රවාහනය,කර්මාන්ත,කෘෂි කර්මාන්ත, අපද්‍රව්‍ය කළමනාකරණයට හිමිවන්නේ ප්‍රධාන තැනක්.ශ්‍රී ලංකාවේ ද අපේක්ෂිත ඉලක්ක සාර්ථක කරගැනීම සඳහා දේශීයව තීරණය කරන ලද දායකත්වය,ආකාර කීපයකින් සැලසුම් කර අවසන්.

    පැරිස් ගිවිසුම අපරානුමත කිරීමෙන් වාසි කීපයක් අත්වෙයි.ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම අවම කිරීම,දේශගුණික විපර්යාසවලට  මුහුණ දීමට අවශ්‍ය වූ ගෝලීය උත්සහායට දායකවීම මඟින් ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන මාවතක ප්‍රධාන තැනක් ගන්නා බව පෙන්වාදිය හැකි බව ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya