කම්කරු දෙපාර්තමේන්තුවේ සේවකයන් පිරිසක් ගෙන යන වර්ජනය සම්බන්ධයෙන් අද (9) පාර්ලිමේන්තුවේ දී කරුණු පැහැදිළි කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට කමිටුවක් පත් කළා.මෙම වාර්තාව මාස තුනක කාලයක් තුළ නිමා කිරීමට තීරණය කළා. මෙම කමිටුව සඳහා විවිධ අංශවලින් අඳහස් හා යෝජනා ලබාගත් අතර රාජ්‍ය සේවා කම්කරු නිලධාරි සංගමයේ නියෝජිත කණ්ඩායම්ම් ද ඒ සඳහා අඳහස් හා යෝජනා ලබාදුන්නා.
කම්කරු නිලධාරීන් විසින් සේවා ව්‍යවස්ථාවක අවශ්‍යතාව පෙන්වා දී කම්කරු නිලධාරීන් එම්.එන්.5 වැටුප් කාණ්ඩය යටතේ සිට එස්.එල්. 01 වැටුප් කාණ්ඩය යටතේ සහකාර කොමසාරිස්වරුන් ලබන වැටුප් ගණයට උසස් කරන ලෙස ඉල්ලා තිබෙනවා. පැවැත්වූ සාකච්ඡාවලදී අවධානය යොමු වුණේ වඩා පුළුල් පරිපාලන ව්‍යුහයක් තුළ සේවා ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීම සුදුසු බවයි.
මේ තත්ත්වය තිබිය දී අඛණ්ඩ වැඩ වර්ජනයක් කරන බවට දන්වා තිබුණා.මේ කමිටුවේ නිර්දේශ සළකාබලා විධිමත් කමිටුවක් මඟින් මාස තුනක කාලයක් තුළදී කටයුතු අවසන් කිරීම සඳහා මූලික එකඟතාවය පළ කරන ලදී.
එහෙත් මෙම කරුණු පිළිබඳව එකඟතාවයක් නොමතිව වර්ජනය අඛණ්ඩව සිදු කරන බව දැන්වූවා.තවදුරටත් ඕනැම අවස්ථාවක සාකච්ඡා කිරීමට විවෘත බව දන්වූවා. අදාළ කමිටුව සමඟ අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කඩිනමින් දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හා සේවා ව්‍යවස්ථාව සකස් කිරීමේ ක්‍රියාවලිය සිදු කරගෙන යනවා.
මෙම ක්‍රියාදාමය වහාම කළ නොහැකි අතර අවම වශයෙන් මාස 03ක කාලයක් අවශ්‍ය බවත් කම්කරු නිලධාරීන්ගේ ඉල්ලීම සඳහා සුබවාදී ප්‍රතිචාර ලබා දී ක්‍රියාත්මක කටයුතු කඩිනම් කරමින් නිශ්චිත කාල රාමුවක් තුළ නිමකිරීමට අවශ්‍ය බව සියලු පාර්ශව දැනුවත් කර තිබෙනවා.
රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය සමඟ තවදුරටත් සුබවාදීව සාකච්ඡා පවත්වා ගනිමින් ගැටළුව නිරාකරණය කිරීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.