නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියදිවි හානි වැළැක්වීමේ දිනය නිමිත්තෙන් පළමු රිබන් පටිය ජනපතිට

    සැප්තැම්බර් 08, 2016

    සැප්තැම්බර් 10 වෙනිදාට යෙදී ඇති ලෝක සියදිවි හානි වැළැක්වීමේ දිනය නිමිත්තෙන් හා ශ්‍රී ලංකා සුමිත්‍රයෝ ග්‍රාමීය වැඩසටහනට වසර 20 ක් පිරීම නිමිත්තෙන් නිකුත් කරනු ලබන සංකේත රිබන් පටියේ පළමු රිබන් පටිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම අද (06) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානයේ උප සභාපතිනි නීලකාන්ති ඉරෝමි ගෝමස් මහත්මිය විසින් ජනාධිපතිතුමා වෙත රිබන් පටිය පැළද වූ අතර ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සගරාව ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

     

    ජීවිතය ගැන කළකිරුණු ඕනෑම කෙනෙකුට සවන් දී ඔහුගේ ප්‍රශ්නය නිරාකරණය කරදීමේ සංවිධානයක් ලෙස ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානය ක්‍රියා කරයි. එය 1974 දී ස්ථාපිත කෙරිණි.

     

    ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානයේ සභාපති අනුර විජේමාන්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya