කී‍්‍රඩා අමාත්‍යාංශයේ නව ශ‍්‍රවණාගාරය “ඩන්කන් වයිටි” ශ‍්‍රවණාගාරය ලෙස නම් කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
එමෙන්ම කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ අයට ත්‍යාග සහ සහතික පත් ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
කී‍්‍රඩා ක්ෂේත‍්‍රය පිළිබඳ ලියැවුණු කෘති ගණනාවක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණු අතර අශෝක ගුණතිලක මහතා විසින් රචිත “කී‍්‍රඩා පරිපාලන සහ කී‍්‍රඩාවේ ඉදිරි ගමන් මඟ” කෘතිය මෙන්ම ලලිත් ගුණවර්ධන මහතා විසින් රචිත “ඩන්කන් වයිට්” කෘතිය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණියක් පිළිගැන්වීය.
අමාත්‍ය මලික් සමරවික‍්‍රම, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල යන මහත්වරුන් ද පළාත් කී‍්‍රඩා අමාත්‍යවරුන්ගේ සම්මේලනයේ සභාපති සබරගමුව පළාත් කී‍්‍රඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා ඇතුළු පළාත් කී‍්‍රඩා අමාත්‍යවරුන් ද, කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.ආර්.බී. දිසානායක මහතා ඇතුළු නිලධාරිහු ද කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්, පුහුණුකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ