විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍යයන් අතර පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සභාවේ අවධානය යොමු කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ස්ථාවර නියෝග 23(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.
සියලු විශ්වවිද්‍යාලවල ගුණාත්මකභාවය සහ අධ්‍යාපනය ලබන පරිසරය වැඩිදියුණු කිරීම සඳහා රජය විසින් පසුගිය වසර තුළ විශාල සම්පත් ප්‍රමාණයක් ආයෝජනය කර ඇත.කිසිදු විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් මර්දනය කිරීමට කිසිදු වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කර නැත.
විශ්වවිද්‍යාල අධ්‍යාපන පරිසරය වැඩිදියුණු කිරීම සඳහා රජය විසින් සිසුන් කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙලක් පසුගිය වසර තුළ ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව සියලු විශ්වවිද්‍යාල සිසුන් සඳහා නව නේවාසිකාගාර ඉදි කිරීම, දේශන ශාලා විද්‍යාගාර ඇතුළු භෞතික පහසුකම් සංවර්ධනය කිරීම සඳහා විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනය පහසුකර ගැනීම සඳහා ලැප්ටොප් පරිගණක සඳහා ණය පහසුකම් ලබාදීම, මහපොළ ශිෂ්‍යත්ව ආධාරය, රජයේ ශිෂ්‍යාධාර වැඩපිළිවෙල මුදල වැඩි කිරිමට පියවර ගෙන ඇත.
සිසුන්ට රැකියා අරමුණු කරගත් නව පාඨමාලා රාශියක් හඳුන්වා දීමට ද මේ වසරේ සිට විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව සියයට 10%කින් පමණ වැඩි කිරීමට ද විශේෂයෙන් තාක්ෂණ විෂය ධාරාවේ උපාධි පාඨමාලා සඳහා මේ වසරේ සිසුන් 1850ක් පමණ අලුතෙන් ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
එමෙන් ම ආචාර්යවරුන්ගේ වැටුප් සහ දීමනා වැඩි කිරීමේ සිට ආචාර්යවරුන්ට ඉහළ අධ්‍යාපනයක් ලබාදීමට අවස්ථාව සළසා දී තිබේ.විශ්වවිද්‍යාල තුළ සාමකාමී පරිසරයක් ඇතිකර දීම,අනෙකුත් වෘත්තීය ගැටළු නිරාකරණයට රජය ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇත.
රජය හා විශ්වවිද්‍යාල සිසුන් අතර පෞද්ගලික ගැටලුවක් නොමැති බව සඳහන් කළ යුතු අතර විශ්වවිද්‍යාලවල සිදුවන හුදකලා සිද්ධි හුවාදක්වමින් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය, සමස්ත සිසු පරපුර මර්දනය කරන පිළිවෙතක් අනුගමනය කරන බවට ප්‍රකාශ කිරීම වැරදි කරුණක් බවද අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසී ය.