මෙම මස 04දා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සඳහා මෙරට මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ ප්රමුඛ ආයතන රැසක් සහභාගී වී සිටිති.
ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා වෙළෙඳ කුටි නැරඹීමට ද එක් වූ අතර එම කාර්ය මණ්ඩල සමඟ සුහද කථා බහක ද නිරත විය.
අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා ද, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.